Image Not Found

Bad Guy (2001) Sinhala Subtitle | සිංහල උපසිරැසි

‘Bad Guy’ (2001) කියන්නේ ටිකක් විතර දරුණු, ඒත් මිනිස්සුන්ගේ හිතේ අමුතු විදිහට රැඳෙන කොරියන් ෆිල්ම් එකක්. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ ලෝක ප්‍රසිද්ධ අධ්‍යක්ෂකවරයෙක් වන Kim Ki-duk. ප්‍රධාන චරිත දෙක කරන්නේ Cho Jae-hyun (හන්-කී) සහ Seo Won (සුන්-හ්වා) කියන දෙන්නා.

සුන්-හ්වා කියන්නේ සාමාන්‍ය විදිහට විශ්වවිද්‍යාලයේ යන, ටිකක් අහිංසක පෙනුමක් තියෙන ගෑනු ළමයෙක්. දවසක් මෙයා පාරේ ඉඳගෙන ඉද්දි, හන්-කී කියලා කතාබහක් නැති, අමුතු, මැරයෙක් වගේ පෙනුමක් තියෙන පොරක් එකපාරටම ඇවිත් මේ කෙල්ලව බලෙන් කිස් කරනවා. සුන්-හ්වා හොඳටම බය වෙනවා වගේම, එයාට ලොකු අපහාසයක් දැනෙනවා. එයා අරූට කෙළ ගහලම එතනින් යනවා.

හැබැයි අර ‘Bad Guy’ හන්-කීට මේක ලොකු නින්දාවක් විදිහටයි දැනෙන්නේ. ඌ හිතාගන්නවා කොහොමහරි මේ කෙල්ලගෙන් පලිගන්න. ඌ පට්ට සූක්ෂම විදිහට උගුලක් අටවනවා. සුන්-හ්වා අතින් පොඩි හොරකමක් වෙන විදිහට වැඩේ සෙට් කරලා, අන්තිමේදී එයාව ලොකු ණය කන්දක හිර කරනවා.

මේ ණය ගෙවාගන්න බැරි තැන, සුන්-හ්වාට අකමැත්තෙන් වුණත් ගණිකා වෘත්තියට යොමු වෙන්න සිද්ධ වෙනවා.

කතාවේ කුතුහලය තියෙන තැන තමයි, මෙයා වැඩ කරන තැන ඇත්තටම අයිති අර හන්-කීට. එයා මේ හැමදේම ‘වන්-වේ’ මිරර් එකකින් (එක් පැත්තකට විතරක් පේන කණ්ණාඩියකින්) බලාගෙන ඉන්නවා. එයා මේ කෙල්ල ගැන අමුතුම විදිහක ‘obsession’ එකක් (උමතුවක්) ඇති කරගන්නවා.

තමන්ව මේ තත්ත්වෙට ඇදලා දැම්මේ එයාමයි කියලා සුන්-හ්වා දන්නේ නෑ. එයා මේක දැනගත්තම මොනවා වෙයිද? ඒ දෙන්නා අතරේ ඇතිවෙන ඒ අමුතු, සංකීර්ණ සම්බන්ධය තමයි ෆිල්ම් එකේ ඉතුරු ටික.

ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.