Image Not Found

Bad Samaritan (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි

මේක ඩේවිඩ් ටෙනන්ට් (David Tennant) සහ රොබට් ෂීහාන් (Robert Sheehan) රඟපාන, ඩීන් ඩෙව්ලින් (Dean Devlin) අධ්‍යක්ෂණය කරපු පට්ට ත්‍රාසජනක ෆිල්ම් එකක්.

ෂෝන් කියන්නේ තරුණ කොල්ලෙක්. එයා පොඩි ජොබ් එකක් විදිහට කරන්නේ වැලට් පාකින් (Valet Parking). ඒ කියන්නේ රෙස්ටොරන්ට් එකකට එන කට්ටියගේ කාර් නවත්තලා දෙන එක. හැබැයි මෙයාගේ ඇත්ත ප්ලෑන් එක වෙන එකක්. කස්ටමර් කෙනෙක් කාර් එක දාලා ගියාම, මෙයා ඒකෙ තියෙන GPS එක පාවිච්චි කරලා ඒ ගෙදරට යනවා. ගිහින් ගෙදර තියෙන වටින දේවල් හොරකම් කරනවා. කාර් අයිතිකාරයා කෑම කාලා එන්න කලින් මෙයා ආයේ කාර් එක ගෙනත් තියනවා. සිම්පල් ප්ලෑන් එකක්නේ?

දවසක් මෙයාට සෙට් වෙනවා කේල් එරෙන්ඩ්‍රික් කියලා හරිම පොෂ්, සල්ලිකාර මනුස්සයෙක්. පුරුදු විදිහටම ෂෝන් මේ මනුස්සයාගේ ගෙදරට පැනගන්නවා. හැබැයි ගෙදර ඇතුලට ගියාම එයා දකින්නේ හීනෙකින්වත් හිතපු නැති දෙයක්. ගෙදර කාමරයක් ඇතුලේ ගෑනු ළමයෙක්ව දම්වැල් දාලා හිර කරලා තියෙනවා!

දැන් ෂෝන්ට ප්‍රශ්න ගොඩයි. හොරකම් කරන්න ඇවිත් පොලීසියට කතා කරන්නත් බෑ, මොකද එතකොට එයා අහුවෙනවා. ඒත් අර කෙල්ලව දාලා යන්නත් බෑ. අන්තිමේදී එයා තීරණය කරනවා පොලීසියට නිර්නාමිකව කතා කරන්න. හැබැයි එතනින් එහාට තමයි ලොකුම අවුල පටන් ගන්නේ. මේ ගෙදර අයිතිකාරයා නිකම්ම සල්ලිකාරයෙක් නෙවෙයි, එයා මාරම භයානක සයිකොපාත් කෙනෙක්. මිනිහා දැනගන්නවා කවුරුහරි තමන්ගේ රහස දැක්කා කියලා.

දැන් මේ සයිකොපාත් මිනීමරුවා පස්සෙන් එලවද්දී, තමන්ගේ ජීවිතේ බේරගෙන අර කෙල්ලවත් බේරගන්න මේ පොඩි හොරාට පුළුවන් වෙයිද? මේක බලන්නම වටින හරිම ත්‍රාසජනක ෆිල්ම් එකක්!

ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.