Image Not Found

Baiohazâdo Damunêshon (2012) Sinhala Subtitle | සිංහල උපසිරැසි

ඔයාලා Resident Evil වීඩියෝ ගේම් වලට හරි ඒ ආශ්‍රිත ෆිල්ම් වලට හරි ආස කෙනෙක් නම්, Baiohazâdo Damunêshon (Resident Evil: Damnation) කියන්නේ අනිවාර්යයෙන්ම බලන්න ඕනේ CGI ඇනිමේෂන් චිත්‍රපටයක්. මෙහි ප්‍රධාන චරිතය වෙන්නේ හැමෝම ආදරය කරන ලියොන් එස්. කෙනඩි (Leon S. Kennedy). කතාව වෙන්නේ නැගෙනහිර යුරෝපයේ තියෙන කුඩා රටක.

එහි සිවිල් යුද්ධයක් පවතින අතරතුර, ජෛව විද්‍යාත්මක ආයුධ (Bio-Organic Weapons) භාවිතා කරන බවට සැකයක් මතු වෙනවා. මේ ගැන හොයන්න තමයි ලියොන් එන්ඩ එන්නේ. හැබැයි එයා එතනට යනකොට වැඩේ ගොඩක් දුරදිග ගිහින්. සාමාන්‍ය මිනිස්සු වගේ නෙවෙයි, මාරාන්තික විකෘති සත්වයන් සහ පාලනය කළ හැකි රකුසන් මේ යුද්ධයට යොදාගෙන තියෙනවා.

ලියොන්ට මේ භයානක මෙහෙයුමේදී තනියම සටන් කරන්න වෙනවා විතරක් නෙවෙයි, පැරණි මිතුරන් වගේම හතුරන්වත් මුණගැහෙනවා. මේ චිත්‍රපටයේ තියෙන සටන් ජවනිකා ඇත්තටම අති විශිෂ්ටයි. “Lickers” ලා සහ “Tyrants” ලා අතර සිද්ධ වෙන දරුණු සටන් බලනකොට ඇඟ හිරිවැටෙනවා. ක්‍රියාවෙන් (Action) පිරුණු, භීතිය මුසු වුණු මේ කතාව අවසානය වෙනකම්ම එක හුස්මට බලන්න පුළුවන්. ලියොන් මේ මාරාන්තික උගුලෙන් බේරෙයිද? ඒක දැනගන්න මේක බලන්නම වෙනවා.

ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.

Direct download
📥 Direct download
online watch
watch