Image Not Found

Batman: Assault on Arkham (2014) Sinhala Subtitle | සිංහල උපසිරැසි

අමැන්ඩා වොලර් (Amanda Waller) ආයෙත් වැඩට බැහැලා. එයා සුපුරුදු විදිහට එයාගේ “සූසයිඩ් ස්කොඩ්” (Suicide Squad) එක, ඒ කියන්නේ මරාගෙන මැරෙන කල්ලි එකක් එකතු කරනවා. කවුද ඉන්නේ? ඩෙඩ්ෂොට් (Deadshot), හාර්ලි ක්වින් (Harley Quinn), කැප්ටන් බූමරැන්ග් (Captain Boomerang) වගේ පරණ, භයානකම සෙට් එක. හැමෝගෙම බෙල්ලේ පොඩි බෝම්බ හයි කරලා තියෙන්නේ. වොලර් කියන දේ ඇහුවේ නැත්නම්, ඔළුව ගලවලා දානවා!

මේ පාර මිෂන් එක තමයි ගෝතම්වල තියෙන දරුණුම තැනට, ඒ කියන්නේ ‘අර්කම් ඇසයිලම්’ (Arkham Asylum) එකට රිංගන එක. මේක නිකන් පිස්සන් කොටුවක් නෙවෙයි, ගෝතම්වල ඉන්න භයානකම අපරාධකාරයෝ දාලා තියෙන හිරගෙය.

ඇයි මෙහෙට රිංගන්නේ? වොලර් කියන්නේ එයාට රිඩ්ලර්ව (Riddler) ඕනලු. රිඩ්ලර්ගෙන් වටිනා තොරතුරක් ගන්න තියෙනවා.

ඒත්… අර්කම් කියන්නේ ලේසි තැනක් නෙවෙයි. එක පැත්තකින් බැට්මෑන් (Batman) මේක ඇතුළේ සැරිසරනවා. අනිත් පැත්තෙන්, මේක ඇතුළේ ඉන්නේ ජෝකර් (Joker) වගේ මාරම සෙට් එකක්.

ස්කොඩ් එක ඇතුළට ගියාට පස්සේ තමයි නියම සෙල්ලම පටන් ගන්නේ. හැමෝටම තමන්ගේම අරමුණු තියෙනවා. ඩෙඩ්ෂොට් ආවේ වෙන වැඩකට. හාර්ලිට ඕනේ ජෝකර්ව හම්බවෙන්න. මේ ඔක්කොම අවුල් අස්සේ, කවුරුත් නොදන්න භයානක රහසක් එළියට එනවා. ජෝකර් ගෝතම් නගරයේම හංගපු “ඩර්ටි බෝම්බයක්” ගැන ආරංචියක් එනවා.

දැන් මිෂන් එක සම්පූර්ණයෙන්ම අවුල්. රිඩ්ලර්ව අල්ලගන්නවද? ජෝකර්ව නවත්වනවද? බැට්මෑන්ගෙන් බේරෙනවද? නැත්නම් බෙල්ලේ තියෙන බෝම්බෙ පුපුරලා හැමෝම මැරෙයිද? අර්කම් ඇතුළේ වෙන මේ මහා විනාශයෙන් කවුද පණ පිටින් එළියට එන්නේ?

ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.