
Batman vs. Two-Face (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි
මේක නියම ඇනිමේෂන් ෆිල්ම් එකක්. මේකෙ විශේෂත්වයක් තියෙනවා. මේක හදලා තියෙන්නේ අර 1960 ගණන්වල ටීවී සීරීස් එකේ හිටපු (Adam West ගේ) බට්මෑන්ව පාදක කරගෙන.
කෙටියෙන් කිව්වොත්, මේක අධ්‍යක්ෂණය කළේ රික් මොරාලෙස් (Rick Morales). ප්‍රධාන චරිතවලට හඬ දායකත්වය දෙන එකත් සුපිරි. බට්මෑන්ට හඬ දෙන්නේ ඒ පරණ සීරීස් එකේ හිටපු ඇඩම් වෙස්ට් (Adam West) මයි (මේක එයාගේ අන්තිම රංගනයක්). රොබින්ට බර්ට් වෝඩ් (Burt Ward). හැබැයි කතාවේ වැදගත්ම චරිතය, ‘ටූ-ෆේස්’ (Two-Face) විදිහට එන්නේ සුප්‍රසිද්ධ විලියම් ශැට්නර් (William Shatner).
ගෝතම් නගරයේ ඉන්නවා නීතියට ගරු කරන, දක්ෂ දිස්ත්‍රික් නීතීඥයෙක්. එයා තමයි හාර්වි ඩෙන්ට් (Harvey Dent). දවසක් නපුරු විද්‍යාඥයෙක් (Dr. Hugo Strange) කරපු භයානක අත්හදා බැලීමක් වැරදිලා, හාර්විගේ මූණේ එක පැත්තක් දරුණු විදිහට පිච්චිලා විනාශ වෙනවා.
ඔන්න එතනින් තමයි ‘ටූ-ෆේස්’ කියන භයානක අපරාධකාරයා බිහිවෙන්නේ.
බට්මෑන් සහ රොබින් (Batman and Robin) හිතනවා හාර්විව සනීප කරන්න පුළුවන් කියලා. එයාලා ලොකු උත්සාහයක් දරලා, හාර්විගේ ඔළුව ඇතුළේ තියෙන ඒ නපුරු පැත්ත අයින් කරන්න ට්‍රයි කරනවා. ඒක සාර්ථක වෙනවා වගේ පේනවා.
නමුත්… ඇත්තටම හාර්වි ඩෙන්ට් සනීප වුණාද?
ටික දවසකින් ගෝතම් නගරයේ ලොකු ලොකු තැන්වලට අමුතු විදිහේ ප්‍රහාර එල්ල වෙන්න පටන් ගන්නවා. හැම අපරාධයක්ම වෙන්නේ ‘දෙක’ (two) කියන අංකය වටා. බට්මෑන්ට දැන් තියෙන ප්‍රශ්නේ තමයි, මේ දේවල් කරන්නේ ඇත්තටම සනීප වුණා වගේ රඟපාන ‘ටූ-ෆේස්’ ද, එහෙමත් නැත්නම් හාර්වි ඩෙන්ට් ද? නැත්නම් මේක බට්මෑන්ව අල්ලගන්න දාපු ලොකු උගුලක්ද?
