Image Not Found

Be Cool (2005) Sinhala Subtitle | සිංහල උපසිරැසි

චිලී පාමර් (Chili Palmer) කියන අපේ කතාවේ වීරයාට චිත්‍රපට කර්මාන්තය එපා වෙනවා.
දවසක් එයාගේ යාළුවෙක් වෙඩි තියලා මැරුවම, චිලී තීරණය කරනවා සංගීත ලෝකයට අතගහන්න.

මිනිහා ගිහින් යාළුවගේ වැන්දඹු බිරිඳ, ඒඩී (Edie) හම්බවෙලා එයාගේ ස්වාධීන ගීත සමාගම බේරගන්න උදව් කරන්න කැමති වෙනවා.

මුලින්ම එයාගේ ඇහැ යන්නේ ලින්ඩා මූන් (Linda Moon) කියලා දක්ෂ තරුණ ගායිකාවක් දිහාට.

ඒත් ලින්දා අහුවෙලා ඉන්නේ හරිම අවුල් කළමනාකරුවෙක්ට. එයාට ඉන්නවා බොඩිගාඩ් කෙනෙක්, ඌත් හරියට විහිළුවක්.

චිලීට දැන් කරන්න තියෙන්නේ මොකක්ද?
රුසියානු මාෆියාව, බරපතල හිප්-හොප් නිෂ්පාදකවරු, ඒ වගේම ලින්දාගේ කළමනාකරු කියන හැමෝම එක්ක හැප්පිලා, ගායිකාව බේරගෙන, එයාගේ ව්‍යාපාරයත් දියුණු කරන එක තමයි.
ඒකට එයාට තමන්ගේ සුපුරුදු ‘විශ්වාසය’ සහ ‘ගනුදෙනු කිරීමේ දක්ෂතා’ පාවිච්චි කරන්න වෙනවා!

මේ අවුල් ජාලයෙන් චිලී කොහොම ගැලවෙයිද? ලින්දාව ලොකු තාරකාවක් කරන්න එයාට පුළුවන් වෙයිද?
මේක තියෙන්නේ නියමෙටම ‘කූල්’ වෙන විදිහ!

ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.