Image Not Found

Behind You (2020) Sinhala Subtitle | සිංහල උපසිරැසි

අපි හැමෝම කන්නාඩියක් දිහා බලද්දී පුංචි හරි බයක් දැනෙන වෙලාවල් තියෙනවනේ. අන්න ඒ බය උපරිමයටම අරන් යන චිත්‍රපටයක් තමයි Behind You. කතාව පටන් ගන්නේ සහෝදරියන් දෙන්නෙක්ගෙන්. මේ දෙන්නට එයාලගේ අම්මා නැති වුණාට පස්සේ, එයාලා කලින් කවදාවත් දැකලා නැති නැන්දා කෙනෙක්ගේ ගෙදරට යන්න වෙනවා. හැබැයි මේ ගෙදර හරිම අමුතුයි. හැම තැනම තියෙන කන්නාඩි රෙදි වලින් වහලයි තියෙන්නේ.

නැන්දා මේ ළමයින්ට තදින්ම නීතියක් දානවා “කිසිම වෙලාවක බේස්මන්ට් එකට යන්න එපා” කියලා. හැබැයි ඉතින් ළමයිනේ, කුතුහලය නිසාම මේ සහෝදරියන්ගෙන් එක්කෙනෙක් ඒ නීතිය කඩනවා. එතනින් පස්සේ තමයි සේරම ප්‍රශ්න පටන් ගන්නේ. නොදැනුවත්වම ඒ ළමයා කන්නාඩියක් ඇතුළේ හිරවෙලා ඉන්න අද්භූත බලවේගයක් නිදහස් කරනවා.

මෙතැන් සිට මේ නිවස ඇතුළේ සිද්ධ වෙන්නේ හිතාගන්න බැරි දේවල්. මේ බලවේගය මොකක්ද? නැන්දා මේ තරම් බයෙන් හිටියේ ඇයි? ඇත්තටම මේ පවුලේ අතීතයේ වුණු අඳුරු රහස මොකක්ද? මේ දේවල් හරිම ලස්සනට, කුතුහලය උපරිමයෙන් තියලා මේ කතාවේ පෙන්නනවා. ඔයා තනිවම රෑක මේක බැලුවොත්, ආයේ කවදාවත් කන්නාඩියක් දිහා කෙළින් බලන්න බය හිතෙයි. බලමු මේ සහෝදරියන් දෙන්නට මේ අද්භූත බලවේගයෙන් බේරෙන්න පුළුවන් වෙයිද කියලා.

ලබා දී ඇති උපසිරැසි WEBRip / WEB-DL පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.

Direct video download and online viewing
📥 Direct download