
Belly of the Beast (2003) Sinhala Subtitle | සිංහල උපසිරැසි
ජේක් හොපර් කියන්නේ CIA එකෙන් අයින් වෙලා පාඩුවේ ඉන්න හිටපු ඒජන්ට් කෙනෙක්. දවසක් එයාගේ දුවයි, දුවගේ යාලුවෙකුයි (සෙනෙට් සභිකයෙක්ගෙ දුවෙක්) තායිලන්තයේ කැලේක ඇවිදින්න ගිහින් අතුරුදන් වෙනවා.
ටික වෙලාවකින් නිව්ස් එක එනවා ‘අබු කරාෆ්’ කියලා දරුණු ත්‍රස්තවාදී කල්ලියක් මේ ළමයි දෙන්නව පැහැරගෙන කියලා. එයාලගේ ඉල්ලීම තමයි, ඇමරිකාව අල්ලගෙන ඉන්න සිරකරුවෝ ටිකක් නිදහස් කරන්න ඕනේ. නැත්තම් ළමයිව මරනවා.
ඒත් තාත්තා කෙනෙක් විදියට ජේක්ට මේ කතාවේ මොකක්දෝ ලොකු අවුලක් තේරෙනවා. එයා ආණ්ඩුවේ ඔෆිෂල් පාරවල් එනකම් බලන් ඉන්නේ නැතුව තනියම තායිලන්තෙට පනිනවා දුවව බේරගන්න. එයාට එහෙදි උදව්වට එන්නේ එයාගේ පරණම CIA පාට්නර්. හැබැයි එයා දැන් ඔක්කොම දේවල් අතෑරලා මහණ වෙලා ඉන්න හාමුදුරු කෙනෙක්.
දෙන්නම එකතු වෙලා මේ ගැටේ ලෙහන්න පටන් ගද්දි තමයි තේරෙන්නේ, මේක පේන තරම් සරල නැහැ කියලා. ත්‍රස්තවාදී කතාව සම්පූර්ණ බොරුවක්. මේක ඊට වඩා ගොඩක් ගැඹුරු, දරුණු දේශපාලන කුමන්ත්‍රණයක්. මේකේ පිටිපස්සේ ඉන්නේ හිතාගන්නවත් බැරි ලොකු ලොකු ‘සිරා’ කෙනෙක්.
ජේක්ටයි එයාගේ හාමුදුරු යාළුවටයි පුළුවන් වෙයිද මේ දූෂිත හමුදා ජෙනරාල්ව පරද්දලා, මේ දැලෙන් දුවව බේරගන්න? වැඩේ කියන්නේ, අන්තිමට මේ සටන නිකම්ම වෙඩි තියාගන්න එකක් නෙවෙයි, අමුතු අඳුරු බලවේග එක්කත් සටනක් බවට පත් වෙනවා.
