
Between Worlds (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි
නිකලස් කේජ්ගේ (Nicolas Cage) පිස්සු හැදෙන සුපිරි රංගනයක් බලාගන්න කැමති අපේ සිනමාලෝලීන්ට මෙන්න නියම ෆිල්ම් එකක්. Between Worlds (2018) කියන්නේ අද්භූත, සයිකොලොජිකල් තේමාවක් රැගත් වෙනස්ම විදියේ චිත්‍රපටයක්. කතාවේ ප්‍රධාන චරිතය වෙන ජෝ (Joe) කියන්නේ තමන්ගේ බිරිඳ සහ දුව අහිමි වීමේ දරුණු දුකෙන්, ජීවිතය සම්පූර්ණයෙන්ම කාලකන්නි කරගෙන ඉන්න ට්‍රක් රථ රියදුරෙක්. මෙහෙම අසරණ වෙලා ඉන්නකොට එයාට අහම්බෙන් ජුලී (Julie) කියලා අමුතු කාන්තාවක් මුණගැහෙනවා. ජුලීට තියෙනවා කාටවත් නැති විශේෂ ගුප්ත හැකියාවක්. ඇයට පුළුවන් සිහිය නැතිව ඉන්න අයගේ ආත්මයන් එක්ක වෙනත් ලෝකයකදී සම්බන්ධ වෙන්න.
ජුලීගේ දුව බිලී (Billie) දරුණු අනතුරකට ලක්වෙලා රෝහලේ මරණාසන්න තත්වයෙන් ඉන්නේ. ඉතින් දුවගේ ආත්මය ආපහු සිරුරට ගේන්න ජුලී, ජෝගේ උදව් ඉල්ලනවා. ජෝ මේකට උදව් කරන්න ගිහින් නොසිතූ, ලොකු කරදරයක වැටෙනවා. කොහොමින් කොහොම හරි බිලී සිහිය ලබාගත්තත්, ඇයගේ සිරුර ඇතුළට එන්නේ ඇගේම ආත්මය නෙවෙයි! ජෝගේ මියගිය බිරිඳගේ ආත්මය තමයි මේ තරුණ කෙල්ලගේ සිරුර අත්පත් කරගන්නේ. එතනින් එහාට කතාව සම්පූර්ණයෙන්ම වෙනස්ම, බය හිතෙන මුහුණුවරක් ගන්නවා. තමන්ගේ මියගිය බිරිඳ තරුණ කෙල්ලෙක්ගේ ඇඟෙන් ආපහු එද්දී ජෝ මොන වගේ තීරණයක් ගනීවිද? මේ ආත්මයන්ගේ සෙල්ලම කෙළවර වෙන්නේ කොහොමද? ආදරය, රාගය සහ අද්භූත සිදුවීම් පිරුණු මේ චිත්‍රපටය ඔයාලව අන්තිම තත්පරය වෙනකම්ම කුතුහලයෙන් තියනවා නිසැකයි.
