
Beyond the Sky (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි
Beyond the Sky “අහසින් එහා ලෝකය”
මේක අධ්‍යක්ෂණය කළේ ෆුල්වියෝ සෙස්ටිටෝ (Fulvio Sestito). ප්‍රධාන චරිත විදිහට රයන් කාන්ස් (Ryan Carnes) ක්‍රිස් නෝටන් ලෙසත්, ජෝර්ඩන් හින්සන් (Jordan Hinson) එමිලි රීඩ් ලෙසත් රඟපානවා.
කතාව මෙහෙමයි මචං, ක්‍රිස් නෝටන් කියන්නේ පිටසක්වල ජීවීන් (Aliens) ගැන අංශු මාත්‍රයක විශ්වාසයක් නැති මනුස්සයෙක්. පොඩි කාලේ එයාට අමුතු අත්දැකීමක් තිබුණත්, එයා හිතාගෙන ඉන්නේ ඒක මානසිකව මවාගත්ත දෙයක් කියලා. මිනිහා කරන්නේ කැමරාවත් උස්සගෙන ගිහින්, ‘පිටසක්වල ජීවීන් ඉන්නවා’ කියලා කියන මිනිස්සුන්ව ඉන්ටර්වව් කරලා, ඒ අය කියන්නේ බොරු කියලා ඔප්පු කරන එක. කෙටියෙන්ම කිව්වොත් Aliensලා ඉන්නවා කියන අයව විහිළුවට ගන්න එක තමයි එයාගේ වැඩේ.
ඉතින් ඔහොම ඉද්දි ක්‍රිස් යනවා නිව් මෙක්සිකෝවල තියෙන ලොකු ඒලියන් සමුළුවකට අලුත් ඩොකියුමන්ටරි එකක් කරන්න. එතැනදී එයාට එමිලි කියලා ගැහැණු ළමයෙක්ව සෙට් වෙනවා. එමිලි කියන කතාවෙන් ක්‍රිස්ගේ ඔළුව ටිකක් අවුල් වෙනවා. එමිලි කියන්නේ හැම අවුරුදු හතකටම සැරයක්, එයාගේ උපන්දිනේ දවසේදී එයාව පිටසක්වල ජීවීන් අරන් යනවා කියලා. තව දවස් දෙකකින් එයාගේ ඊළඟ උපන්දිනේ එනවා.
ක්‍රිස් තීරණය කරනවා එමිලිත් එක්ක පාළු කාන්තාරේ මැදට ගිහින් මේකේ ඇත්ත නැත්ත හොයන්න. එයා හිතාගෙන යන්නේ මේකත් අනිත් අය වගේම බොරු කතාවක් කියලා ඔප්පු කරන්න. හැබැයි මේ ගමන යද්දි ක්‍රිස් හිතපු නැති විදිහේ අද්භූත දේවල්, තේරුම් ගන්න බැරි සද්ද සහ එළි දකින්න පටන් ගන්නවා.
ඇත්තටම එමිලි කියන්නේ ඇත්තද? නැත්නම් මේක මානසික මායාවක්ද? එහෙමත් නැත්නම් ක්‍රිස් පොඩි කාලේ දැක්ක දේ ඇත්තක්ද? අන්තිම තත්පරේ වෙනකන් කුතුහලයෙන් බලන්න පුළුවන්, හිතාගන්න බැරි අවසානයක් තියෙන සුපිරි කතාවක්.
