
Billionaire Ransom (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි
මේකේ ඉන්නෙ ලෝකෙම දන්න මහා ධනවතුන්ගේ දරුවෝ ටිකක්. මුන් ටික පාලනය කරගන්න බැරිව, දඩබ්බර වැඩ කරලා, අන්තිමට දෙමව්පියෝ මුන්ව දානවා දූපතක තියෙන ‘තදින් හික්මවන’ ඉස්කෝලෙකට. අර වල්බූරු වැඩ අතඇරලා, ජීවිතේට වගකීම ගන්න පුරුදු කරන්න තමයි මේ දරුවෝ ටික එතනට යවන්නේ.
ඒත් මේ දූපතට මුන්ට පුරුදු වෙන්න ලැබෙන්නෙ ටික කාලයයි.
එකපාරටම එතනට කඩා වදිනවා සූක්ෂම, දරුණු කුලී හේවායන් පිරිසක්. මුන්ගේ එකම අරමුණ මේ පොහොසත් දරුවෝ ටික අල්ලාගෙන, ලෝක ඉතිහාසයේ ලොකුම කප්පම් මුදල ඉල්ලන එක.
දැන් ඉතින් අර ‘වල්බූරු’ කොල්ලෝ කෙල්ලෝ ටිකට සිද්ධ වෙනවා, ඉගෙන ගත්ත සරල පැවැත්මේ පාඩම් පාවිච්චි කරලා, තමන්ගේ ජීවිත බේරගන්න සටනක් දෙන්න.
මුදලින් නිදහස ගන්න බැරි තැන, අන්තිමට උන්ට කරන්න වෙන්නේ කොහොම හරි මේ දූපතෙන් බේරිලා යන්න හදන එක. මේ ධනවත් පොඩි උන් ටිකට මේ දරුණු සතුරන්ට එරෙහිව නැගිටින්න පුළුවන් වෙයිද? බලන්නකෝ එහෙනම්!
