
Biutiful (2010) Sinhala Subtitle | සිංහල උපසිරැසි
මේක උක්ස්බාල් (Uxbal) ගේ කතාව. පොර ජීවත් වෙන්නේ බාසිලෝනාවල අඳුරු අහුමුලු වල. එයාගේ ජීවිතේ එකපාරටම කණපිට පෙරළෙනවා.
උක්ස්බාල් කියන්නේ දරුවෝ දෙන්නෙක් බලාගන්න තාත්තෙක්. එයාගේ නෝනා (Marambra) එක්ක ජීවත් වෙන්න අමාරුයි, එයාගේ හිත එක තැනක නෑ. ඉතින් ළමයි දෙන්නා බලාගන්න ගමන් උක්ස්බාල් ජීවත් වෙන්න සල්ලි හොයන්නේ ටිකක් අවුල් විදිහකට. එයා නීති විරෝධී විදිහට රටට ආපු මිනිස්සුන්ට (චීන, අප්‍රිකානු) උදව් කරන, වැඩ හොයලා දෙන අතරමැදියෙක්.
ඒ විතරක් නෙවෙයි, උක්ස්බාල්ට තියෙනවා අමුතුම හැකියාවක්. එයාට පුළුවන් මැරුණු අයගේ ආත්ම එක්ක කතා කරන්න.
ඔහොම ඉන්නකොට දවසක් දොස්තර කෙනෙක් එයාට කියනවා එයාට තව ජීවත් වෙන්න තියෙන්නේ මාස කීපයයි කියලා. එයාට පිළිකාවක්.
දැන් තමයි ඇත්ත සෙල්ලම පටන් ගන්නේ. තමන් මැරෙන්න කලින්, තමන්ගේ ළමයි දෙන්නාගේ අනාගතේ කොහොමහරි හදන්න උක්ස්බාල්ට සිද්ධ වෙනවා. ඒත් එයා කරපු පව්, එයා ඇසුරු කරන මිනිස්සු, එයාගේ ලෙඩේ… මේ ඔක්කොම එක්ක එයාට ඒක කරන්න පුළුවන් වෙයිද? තමන්ගේ ජීවිතේ “ලස්සන” (Biutiful) කරගන්න එයා දරන අන්තිම උත්සාහය තමයි මේ.
