Image Not Found

Black Clover: Sword of the Wizard King (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි

ඇනිමේ (Anime) රසිකයෝ ගොඩක් කාලයක් බලාගෙන හිටපු චිත්‍රපටියක් තමයි Black Clover: Sword of the Wizard King. අපේ ප්‍රධාන චරිතය වන ආස්ටා (Asta) ගැන දන්නවානේ. මැජික් නැති වුණත් තමන්ගේ අධිෂ්ඨානයෙන් “Wizard King” වෙන්න හීන දකින කොල්ලෙක් එයා. මේ චිත්‍රපටියේදී ආස්ටාට මුහුණ දෙන්න වෙන්නේ එයා කවදාවත් හිතපු නැති විදිහේ ලොකු අභියෝගයකට.

ක්ලෝවර් රාජධානියේ අතීතයේ හිටපු බලගතුම “Wizard Kings” හතර දෙනෙක් නැවත පණ ලබාගෙන එනවා. හැබැයි ඔවුන් එන්නේ රාජධානිය රකින්න නෙවෙයි, ඒක විනාශ කරලා ඔවුන්ට අවශ්‍ය විදිහේ අලුත් ලෝකයක් හදන්න. මේ අය කොච්චර බලවත්ද කියනවා නම්, දැනට ඉන්න මැජික් නයිට්වරුන්ට ඔවුන්ව නවත්වන එක ලේසි වෙන්නේ නැහැ. විශේෂයෙන්ම හිටපු රජෙක් වුණ කොන්රාඩ් (Conrad) සතුව තියෙන අද්භූත කඩුව නිසා මුළු රාජධානියම අනතුරේ වැටෙනවා.

මෙතනදී තමයි ආස්ටා සහ එයාගේ යාළුවෝ හැමෝම එකතු වෙලා මේ අතීත රජවරුන්ට විරුද්ධව සටන් කරන්නේ. මේක නිකන්ම සටනක් නෙවෙයි, තමන්ගේ විශ්වාසයන් සහ හීන වෙනුවෙන් කරන සටනක්. චිත්‍රපටිය පුරාම තියෙන ඇක්ෂන් දර්ශන සහ ග්‍රැෆික්ස් හරිම ඉහළ මට්ටමක තියෙනවා. ආස්ටාට පුළුවන් වෙයිද මැජික් නැතුව මේ බලගතුම මායාකරුවන්ව පරද්දන්න? ක්ලෝවර් රාජධානියේ අනාගතය මොන වගේ වෙයිද? මේක බලද්දී ඔයාලට එක මොහොතක්වත් ඇසිපිය හෙළන්න හිතෙන එකක් නැහැ.

ලබා දී ඇති උපසිරැසි WEBRip / WEB-DL පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.