Image Not Found

Blindness (2008) Sinhala Subtitle | සිංහල උපසිරැසි

“Blindness” (2008) කියන්නේ බැලුවට පස්සේ ටිකක් කල් ඔළුවේ රැඳෙන, බලන කෙනාව හොඳටම හෙල්ලෙන කතාවක්.

මේකේ අධ්‍යක්ෂණය Fernando Meirelles. Julianne Moore, Mark Ruffalo වගේ දක්ෂ නළු නිළියන් කීප දෙනෙක්ම ඉන්නවා.

කතාව මෙහෙමයි: හිතන්නකෝ, එකපාරටම නගරයක ඉන්න මිනිස්සුන්ට අමුතුම ලෙඩක් හැදෙන්න පටන් ගන්නවා. එකින් එකා අන්ධ වෙනවා. හැබැයි මේක කළුවර වෙන අන්ධකමක් නෙවෙයි; හැමදේම “කිරි සුදු පාටට” පේන අන්ධකමක්.

මේක වේගයෙන් බෝවෙන නිසා, රජය තීරණය කරනවා මේ අන්ධ වුණු හැම කෙනෙක්වම එකතු කරලා, පාලු ගොඩනැගිල්ලක හිර කරන්න (නිරෝධායනය කරන්න).
ප්‍රශ්නෙ පටන් ගන්නෙ එතනින්. කෑම හිඟයි, නීතියක් නෑ, කිසිම පිළිවෙළක් නෑ. ටික දවසක් යද්දී මිනිස්සුන්ගේ ශිෂ්ටාචාරය නැති වෙලා, තිරිසන් ගති මතු වෙන්න පටන් ගන්නවා.

හැබැයි, මේ ඔක්කොම අස්සේ, එකම එක ගැහැනු කෙනෙක්ට (Julianne Moore) විතරක් ඇස් පේනවා. එයා තමන්ගේ අන්ධ වුණු මහත්තයා (Mark Ruffalo) එක්ක ඉන්න ඕන නිසා, තමන්ටත් ඇස් පේන්නේ නෑ වගේ රඟපානවා. හැමෝම අන්ධ වෙච්ච, මනුස්සකම නැතිවෙච්ච තැනක, ඇස් පේන එකම කෙනා වෙන එක කොහොම අත්දැකීමක්ද? එයාට මොනවා දකින්න ලැබෙයිද? එයා කොහොමද බේරෙන්නේ?

ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.