Image Not Found

Blood and Money (2020) Sinhala Subtitle | සිංහල උපසිරැසි

ඔන්න එහෙනම් අරගෙන ආවා Blood and Money (2020) චිත්‍රපටය. මේක කුතුහලය පිරුණු Survival Thriller වර්ගයේ ෆිල්ම් එකක්.

මුලින්ම මේක නිර්මාණය කරපු අය ගැන පොඩ්ඩක් කියන්නම්. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ ජෝන් බාර් (John Barr). ප්‍රධාන චරිතය ඒ කියන්නේ ‘ජිම් රීඩ්’ විදියට රඟපාන්නේ අපි කවුරුත් දන්න හොලිවුඩ් නළු ටොම් බෙරෙන්ජර් (Tom Berenger). වයසට ගියත් මනුස්සයාගේ රඟපෑම නම් තාම සුපිරි.

ජිම් රීඩ් කියන්නේ විශ්‍රාම ගිය හමුදා සෙබළෙක්. මෙයා දැන් වයසයි, ටිකක් තනියම ජීවත් වෙන පාළුවට ගිය චරිතයක්. දවසක් මෙයා හිම පිරුණු කැලෑවක මුව දඩයමේ යනවා. ඔන්න ඔතනදි තමයි මුළු කතාවම වෙනස් වෙන්නේ. මුවෙක් කියලා හිතලා ජිම් තියන වෙඩිල්ලක් වැදෙන්නේ කැලේ හිටපු කාන්තාවකට.

බය වෙලා එතනට දුවල යන ජිම් දකින්නේ මැරුණු කාන්තාව ළඟ ලොකු සල්ලි බෑග් එකක් තියෙනවා කියලා. මේක නිකන් සල්ලි නෙවෙයි, මංකොල්ල කාපු සල්ලි වගයක්. වැඩේ කියන්නේ මේ සල්ලි ටික හොයාගෙන දරුණු අපරාධකාරයෝ කණ්ඩායමක් මේ කැලේටම එනවා. දැන් ජිම් ඉන්නේ ලොකු අමාරුවක. එක පැත්තකින් එයා අතින් නොහිතපු වෙලාවක මනුස්සයෙක් මැරුණා, අනිත් පැත්තෙන් සල්ලි හොයන මැරයෝ එයාව පන්නනවා.

මේ හිම පිරුණු කැලේ ඇතුලේ හිරවෙලා ඉන්න මේ වයසක මනුස්සයා කොහොමද මේ දරුණු මැරයන්ට තනියම මුහුණ දෙන්නේ? එයාගේ පරණ හමුදා පුහුණුව එයාට මේ වෙලාවේ උදව් වෙයිද? අන්තිමට ඒ සල්ලි වලට මොකද වෙන්නේ? මේ හැමදේම දැනගන්න නම් මේ ෆිල්ම් එක බලන්නම වෙනවා. පටන් ගත්ත වෙලාවේ ඉඳන් අන්තිම වෙනකම් කුතුහලයෙන් බලන්න පුළුවන් පට්ටම ෆිල්ම් එකක්.

ලබා දී ඇති උපසිරැසි WEBRip / WEB-DL පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.