Image Not Found

Bogieville (2024) Sinhala Subtitle | සිංහල උපසිරැසි

මේක ඇත්තටම ත්‍රාසජනක, ගෝති‍්‍රක වර්ගයේ සිනමාපටයක්.

කතාව පටන් ගන්නේ පැනලා යන තරුණ යුවළක් එක්ක. මෙයාලා අහම්බෙන් වගේ දිරාපත් වෙලා ගියපු ට්‍රේලර් පාර්ක් එකක් වෙන බෝගීවිල් එකට එනවා.
එතකොට මෙයාලට හම්බවෙනවා ක්‍රෝෆර්ඩ් කියලා සැක සහිත භාරකරුවෙක්. ඔහු මෙයාලව නවතින්න පොළඹවා ගන්නවා.

හැබැයි, ටික දවසක් යනකොට මෙයාලට තේරෙනවා, මේ ක්‍රෝෆර්ඩ් කියන්නේ මේ ට්‍රේලර් පාර්ක් එකේ ඉන්න පිරිසකගේ ආරක්ෂකයා කියලා. ඒ පිරිස වෙන කවුරුත් නෙවෙයි… දරුණු වැම්පයර් කල්ලියක්!

මේ වැම්පයර්ලාගේ නායිකාව තමයි මැඩිසන්. දැන් මේ යුවළට මේ බෝගීවිල් එකෙන් පැනලා යන්න බැහැ. මොකද, මැඩිසන් මෙයාලගේ සුවඳ දැනගෙන ඉවරයි.
පැනලා යන්න හැදුවොත් එයාලව හොය හොයා ඇවිත් දඩයම් කරන්න වැම්පයර්ලා බලාගෙන ඉන්නවා.

මේ අතරේ මැඩිසන් සහ තවත් ප්‍රතිවාදී වැම්පයරයෙක් අතර බලය ගැන ලොකු සටනක් යනවා.
ඉතින්, මේ යුවළට සිද්ධ වෙන්නේ මොකක්ද? මෙයාලට මේ වැම්පයර්ලාගේ නගරයෙන් බේරිලා යන්න පුළුවන් වෙයිද? Bogieville කියන්නේ ඇත්තටම අවදානම් සහිත, බිහිසුණු තැනක්! කතාව බලන්නකෝ එහෙනම්!

ලබා දී ඇති උපසිරැසි WEBRip / WEB-DL පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.