Image Not Found

Boiler Room (2000) Sinhala Subtitle | සිංහල උපසිරැසි

මේක තරුණයෙක් ගැන කතාවක්. සෙත් ඩේවිස් කියන කොලේජ් එකෙන් අයින් වුණු මේ තරුණයා කරන්නේ තමන්ගේම ගෙදර හොර කැසිනෝ එකක් පවත්වාගෙන යන එක. හොඳට සල්ලි හම්බ කරනවා තමයි, හැබැයි එයාගේ තාත්තා මේ ගැන කිසිම සතුටක් නෑ. තාත්තා කියන්නේ ෆෙඩරල් විනිසුරුවරයෙක්.

ඔය අතරේ තමයි සෙත්ට ‘ජේ.ටී. මාර්ලින්’ කියන ආයතනය ගැන ආරංචි වෙන්නේ. ඒක තැරැව්කාර සමාගමක්. එතැනදී එයාට ලොකු සල්ලිකාරයෙක් වෙන්න පුළුවන් කියලා පොරොන්දු වෙනවා. සෙත් මේකේ කොටස් තැරැව්කරුවෙක් විදිහට පුහුණුවට එකතු වෙනවා.

දැන් තියෙන්නේ එයාට කෝල් කරලා ආයෝජකයන්ට කොටස් විකුණන එක. මේක සාමාන්‍ය විදිහට කරන වැඩක් නෙවෙයි. මේක ඇතුළේ ලොකු රහසක්, මහා ජාවාරමක් තියෙනවා කියලා සෙත්ට තේරෙන්න පටන් ගන්නවා. මේ අය ඇත්තටම කරන්නේ ඉක්මනට සල්ලි හම්බ කරන්න, අහිංසක ආයෝජකයන්ව රවට්ටන එක.

වැඩි කල් නොගිහින්ම සෙත් මේ ජාවාරමේ ඇතුළේ ඉඳන්ම ඒක නතර කරන්න හදනවා. ඒත් එයාගේ තීරණය එයාට ආපස්සටම බූමරංගයක් වෙන්න පුළුවන්. එතැනදී එයාට තමන්ගේ තාත්තාවවත් නැති වෙන්න පුළුවන්. සෙත් මේ හැමදේකින්ම ගැලවෙන්නේ කොහොමද? එයාට ඇත්තටම මේ ජාවාරම නවත්වන්න පුළුවන් වෙයිද? බලන්නම වටින කතාවක්!

ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.