Image Not Found

Bones (2001) Sinhala Subtitle | සිංහල උපසිරැසි

ඔයාලා Snoop Dogg ව දන්නවා ඇතිනේ? එයා ප්‍රධාන චරිතය රඟපාන Horror ෆිල්ම් එකක් තමයි Bones කියන්නේ. මේක 2001 දී ආපු, අද්භූත බලවේග සහ පළිගැනීම ගැන කියවෙන කතාවක්.

කතාවේ ප්‍රධානියා ජිමී බෝන්ස් (Jimmy Bones). එයා 70 දශකයේ තමන්ගේ ප්‍රදේශයේ හිටපු හරිම ජනප්‍රිය, හැමෝම ආදරේ කරපු කෙනෙක්. එයා ඒ පළාතේ නීති විරෝධී මත්ද්‍රව්‍ය විකුණන්න ඉඩ දුන්නේ නැහැ, ඒ නිසාම එයා ඒ ප්‍රජාවේ ආරක්ෂකයා වගේ හිටියා. හැබැයි එයාගේම යාළුවෝ සහ දූෂිත පොලිස් නිලධාරීන් එකතු වෙලා ජිමීව අමානුෂික විදිහට මරලා දානවා. ඒ රහස අවුරුදු ගාණක් ලෝකයෙන් වැහිලා තිබුණා.

අවුරුදු විස්සකට විතර පස්සේ, ජිමී මරපු ගේ ගාවට තරුණයෝ කණ්ඩායමක් එනවා ඒක Night club එකක් විදිහට පටන් ගන්න. නොදැනුවත්වම වගේ ඔවුන් ජිමී බෝන්ස්ගේ ආත්මය අවදි කරනවා. දැන් ජිමී ආයෙත් ඇවිත්. හැබැයි ඒ ඉස්සර හිටපු කරුණාවන්ත ජිමී නෙවෙයි. දැන් එයා ඉන්නේ තමන්ව පාවා දීපු හැමෝමගෙන් පළිගන්න ලේ පිපාසයෙන්.

මේ චිත්‍රපටිය පුරාම තියෙන්නේ හරිම අඳුරු, හිත හසල කරවන වාතාවරණයක්. ජිමී කොහොමද එකින් එකාගෙන් පළිගන්නේ? ඒ මරණ කොච්චර දරුණුද? තමන්ගේ පරණ ආදරවන්තිය සහ යාළුවෝ ජිමීව දැක්කම මොකද වෙන්නේ? මේ දේවල් හරිම ලස්සනට තිර රචනය කරලා තියෙනවා. විශේෂයෙන්ම ඒ කාලේ තිබුණු “Urban Horror” ස්ටයිල් එක මේ ෆිල්ම් එකේ උපරිමයටම තියෙනවා. ඔයාලා පළිගැනීම් සහ හොල්මන් කතා වලට කැමති නම්, අනිවාර්යයෙන්ම බලන්න ඕනේ වැඩක් තමයි මේක. ජිමී බෝන්ස් ආයෙත් ආවම කවුරුත් බේරෙන්නේ නැහැ කියලා විතරක් දැනට මතක තියාගන්න.

ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.

Direct download
📥 Direct download
online watch
watch