
Breach (2007) Sinhala Subtitle | සිංහල උපසිරැසි
ඔයා ‘Spy Thriller’ නැත්නම් ඔත්තු බැලීම් සම්බන්ධ කතාවලට කැමති නම් Breach (2007) කියන්නේ බලන්නම ඕන එකක්. මේක සත්‍ය කතාවක් ඇසුරින් නිර්මාණය වූවක්. FBI ආයතනයේ ඉහළම තනතුරක් දරන Robert Hanssen කියන පුද්ගලයා ගැන සැකයක් ඇති වෙනවා ඔහු රුසියාවට තොරතුරු විකුණනවා කියලා. මේක ඔප්පු කරන්න FBI එක Eric O’Neill කියන තරුණ නිලධාරියාව හන්සන්ගේ සහායකයා විදියට රහසින් පත් කරනවා.
හන්සන් කියන්නේ ඉතාමත් බුද්ධිමත්, ඒ වගේම ආගමට දහමට ලැදි, පවුලට ආදරේ කරන කෙනෙක් වගේ පෙනෙන මනුස්සයෙක්. හැබැයි එයාගේ මේ මුහුණුවරට යටින් තියෙන්නේ ඉතාමත් භයානක රහසක්. තරුණ එරික්ට සිද්ධ වෙනවා තමන්ගේ ජීවිතය පවා පරදුවට තියලා මේ අත්දැකීම් බහුල ඔත්තුකරුවාව කොටු කරගන්න. එක මොහොතක හන්සන්ට සැක හිතෙනවා එරික් තමන්ව පස්සෙන් පන්නනවා කියලා. එතනින් එහාට ඇති වෙන මානසික සටන හරිම තියුණුයි.
Cast: Chris Cooper, Ryan Phillippe, Laura Linney, and Caroline Dhavernas.
Director: Billy Ray.
