Image Not Found

Breakthrough (2019) Sinhala Subtitle | සිංහල උපසිරැසි

“Breakthrough” (2019) කියන්නෙ බලන කෙනාගෙ ඇඟ හිරිවැටෙන, ඇත්තම ඇත්ත සිදුවීමක් පාදක කරගත්ත චිත්‍රපටියක්.

මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Roxann Dawson. ප්‍රධාන චරිත, ඒ කියන්නෙ අම්මා (ජොයිස් ස්මිත්) විදිහට Chrissy Metz සහ පුතා (ජෝන් ස්මිත්) විදිහට Marcel Ruiz රඟපානවා. ඊට අමතරව Josh Lucas සහ Topher Grace වගේ අයත් ඉන්නවා.
කතාව මෙහෙමයි. ජෝන් කියන්නෙ අවුරුදු 14ක කොල්ලෙක්. දවසක් මෙයා යාළුවොත් එක්ක මිදුණු විලක් (frozen lake) උඩ සෙල්ලම් කර කර ඉන්නකොට, හිතපු නැති විදිහට අයිස් තට්ටුව කැඩිලා ජෝන්ව අයිස් වතුර යටට වැටෙනවා.

විනාඩි 15ක් විතර එයා ඉන්නෙ වතුර යට. එයාව ගොඩට අරගෙන හොස්පිටල් එකට ගෙනිච්චට පස්සෙ, දොස්තරලා කියන්නෙ එයාලට කරන්න දෙයක් නෑ, ජෝන් මැරිලා කියලා. පැයකටත් වඩා වෙලා එයාගෙ හදවත ක්‍රියා විරහිත වෙලයි තිබුණෙ.

ඒත් ජෝන්ගේ අම්මා, ජොයිස්, ඒක පිළිගන්න ලෑස්ති නෑ. එයා එයාගෙ පුතා ළඟට ගිහින්, මුළු හදවතින්ම දෙවියන්ට කෑගහලා යාඥා කරනවා. හරියටම ඒ වෙලාවෙ, පැයක් තිස්සෙ නතර වෙලා තිබ්බ ජෝන්ගෙ හදවත… ආයෙමත් ගැහෙන්න පටන් ගන්නවා!

ඒත් ඒක පටන්ගැන්ම විතරයි. හදවත ගැහුණට, ඔක්සිජන් නැතුව එච්චර වෙලා ඉඳලා, එයාට ආයෙත් සාමාන්‍ය විදිහට ඉන්න පුළුවන් වෙයිද? වෛද්‍ය විද්‍යාව පවා ‘පුදුමයි’ කියපු ඒ සිදුවීමෙන් පස්සෙ මොකද වෙන්නෙ කියලා දැනගන්න නම් ඔයාට මේ ෆිල්ම් එක බලන්නම වෙනවා.

ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.