
Breathe (2017) Sinhala Subtitle | සිංහල උපසිරැසි
හොඳයි! මේක ඇත්තටම හරිම සංවේදී, ඒ වගේම අපිට ලොකු දිරිගැන්වීමක් දෙන කතාවක්.
මේක ඇත්තටම වෙච්ච කතාවක්. රොබින් කැවෙන්ඩිෂ් කියන ත්රාසජනක දේට ආසා කරන තරුණයෙක් සහ එයාගේ ආදරණීය බිරිඳ ඩයනා ගැන තමයි කතාව. හැමදේම හොඳින් සිද්ධ වෙද්දි, අනපේක්ෂිත විදියට රොබින්ට ‘පෝලියෝ’ හැදෙනවා. එතනින් එහාට එයාගේ බෙල්ලෙන් පහළ මුළු ඇඟම අඩපණ වෙනවා. හුස්ම ගන්න පුළුවන් වෙන්නේත් යන්ත්රයක් ආධාරයෙන් විතරයි.
දොස්තරලා කියනවා, එයාට ජීවත් වෙන්න තියෙන්නේ මාස කීපයක් විතරයි කියලා. ඒ වගේම රොබින්ට සිද්ධ වෙනවා එයාගේ ජීවිතේ ඉතුරු කාලේ රෝහල් ඇඳකට වෙලා ගත කරන්න. හැබැයි ඩයනා එයාගේ ආදරේ අතාරින්නේ නෑ. මේ දෙන්නා තීරණය කරනවා, හැම අභියෝගයක්ම මැද, අර ‘හුස්ම ගැනීමේ යන්ත්රය’ එක්කම රෝහලෙන් එළියට ඇවිත්, වෙනස් විදියට ජීවත් වෙන්න.
ඉතින්… මේ යන්ත්රය රෝද පුටුවකට සවිකරලා, ඒක අරගෙන ලෝකය වටේ යන්න, අනිත් අඩපණ වෙච්ච මිනිස්සුන්ගේ ජීවිත වෙනස් කරන්න ඔවුන් පටන් ගන්නවා. එයාට වෙන් කරපු මාස කීපය අවුරුදු ගානක් වෙනස් කරගන්න මේ දෙන්නාට පුළුවන් වෙනවාද? ඒක බලන්නම ඕන කතාවක්!
බැලුවොත් කම්මැලි වෙන්නේ නැහැ!
