Image Not Found

Bullet Proof (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි

“Bullet Proof” (2022) කියන්නේ පට්ට ඇක්ෂන් ෆිල්ම් එකක්. මේක බලලා නැති කෙනෙක්ට කතාව කිව්වොත් මෙහෙමයි:

මේකේ ඉන්නවා දක්ෂ හොරෙක්. මෙයා කරන්නේ සුළුපටු වැඩක් නෙවෙයි, ටෙම්පල් (Temple) කියලා මාරම භයානක, දරුණු ඩ්‍රග් ලෝඩ් කෙනෙක්ගේ සල්ලි මල්ලක් උස්සනවා. හැබැයි වැඩේ කියන්නේ, හොරකම කරලා පැනලා යද්දී, මෙයාට අර ඩ්‍රග් ලෝඩ්ගේ ගැබිනි බිරිඳව (Mia) එක්ක තමයි පැනලා යන්න වෙන්නේ.
දැන් ඉතින් හිතාගන්න පුළුවන්නේ ඩ්‍රග් ලෝඩ්ට යන මල!

ටෙම්පල් තමන්ගේ සල්ලි ටික ආපහු ගන්නයි, තමන්ගේ බිරිඳව හොරකම් කරපු එකාගෙන් පළිගන්නයි, උගේ හැම ගෝලයෙක්ම, මිනීමරුවෙක්ම මේ හොරා පස්සේ පන්නනවා. මුළු ෆිල්ම් එකම තියෙන්නේ මාර චේස් එකක්. එක පැත්තකින් වෙඩි තියාගන්නවා, ගහගන්නවා.

මේ හොරාට දැන් තියෙන ලොකුම අභියෝගය තමන්ගේ ජීවිතේ බේරගන්න එක විතරක් නෙවෙයි. අර අසරණ ගෑනු කෙනාගෙයි, එයාගේ බඩේ ඉන්න නූපන් දරුවගෙයි ජීවිත දෙකත් බේරගන්න වෙන්නේ මෙයාට.

මේ හොරාට මේ භයානක ඩ්‍රග් ලෝඩ්ගෙන් බේරිලා, අර අම්මවයි දරුවවයි බේරගන්න පුළුවන් වෙයිද? ඒක තමයි ෆිල්ම් එකේ තියෙන කුතුහලය.

අධ්‍යක්ෂක (Director): මේක අධ්‍යක්ෂණය කරන්නේ James C. Clayton.
නළු නිළියන් (Cast):

ප්‍රධාන චරිතය, ඒ කියන්නේ අර ‘හොරා’ ගේ චරිතය කරන්නේ අධ්‍යක්ෂක James C. Clayton මයි.

භයානක ඩ්‍රග් ලෝඩ් ‘ටෙම්පල්’ විදිහට ඉන්නේ සුප්‍රසිද්ධ Vinnie Jones.

අර ගැබිනි බිරිඳ ‘Mia’ ගේ චරිතය කරන්නේ Lina Lecompte.

ලබා දී ඇති උපසිරැසි WEBRip / WEB-DL පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.