
Bulletproof Monk (2003) Sinhala Subtitle | සිංහල උපසිරැසි
මේ කතාව කැරකෙන්නේ අමුතු බලයක් තියෙන පුරාණ ලියවිල්ලක් වටේ. අවුරුදු හැටක් තිස්සේ නමක් නැති හාමුදුරුනමක් (Monk) මේක ආරක්ෂා කරනවා. මේ ලියවිල්ල කියවපු කෙනෙකුට අසීමිත බලයක් ලැබෙනවා. ඒකයි මේක හැමෝගෙන්ම හැංගුවේ.
1943 ඉඳලා නාසි නායකයෙක් සහ ඔහුගේ සේනාව මේක හොයනවා. මේ හාමුදුරුවෝ එයාගෙන් හැංගිලා, ලෝකෙ වටේ යන ගමන් ඉන්නේ. එයාගේ ශරීරය ලියවිල්ල නිසා තරුණව, වෙඩි නොවදින තත්ත්වයේ තියෙනවා.
දැන් කතාව එන්නේ වර්තමානයට. හාමුදුරුවන්ට තමන්ගේ රාජකාරිය බාර දෙන්න අලුත් කෙනෙක්ව හොයන්න කාලෙ ඇවිත්.
එයාට හම්බවෙනවා නිව් යෝර්ක් වීදිවල ඉන්න ‘කාර්’ (Kar) කියන දක්ෂ, හැබැයි පොඩි හොරකම් කරන කොල්ලෙක්ව. කාර්ට සටන් කලාව ගැන හොඳ හැකියාවක් තියෙනවා. හාමුදුරුවෝ හිතනවා, මේ කොල්ලට තමයි ඊළඟට ලියවිල්ලේ ආරක්ෂකයා වෙන්න පුළුවන් කියලා.
මේ දෙන්නා එකතු වෙලා ඒ බලවත් ලියවිල්ල හොයන නපුරු නාසි කල්ලියට එරෙහිව සටන් කරන්න පටන් ගන්නවා. එතනදි කාර්ට වෙනස්ම විදියක කෙනෙක් හම්බවෙනවා, එයාගෙ නම ‘ජේඩ්’ (Jade). එයා මේ සටනට එකතු වෙන්නේ හිතපු නැති විදියකට.
හාමුදුරුවෝ මේ වීදි කොල්ලාට අවශ්‍ය පුහුණුව ලබා දෙනවා. හැබැයි මේ නාසි කණ්ඩායම නිකම් ඉන්නේ නැහැ. එයාලා දරුණු විදියට දෙන්නා පස්සෙන් එනවා.
අවසානයේදී මේ නාසි නායකයාටයි, ඔහුගේ මිනිබිරියටයි ලියවිල්ලේ රහස හෙළි වෙයිද? නැත්නම් මේ හාමුදුරුවෝයි, අමුතුම විදියට තේරුම් ගන්න බැරි අලුත් ශිෂ්‍යයායි මේ ලෝකය බේර ගනීද? මේක දැනගන්න නම් ෆිල්ම් එක බලන්නම වෙනවා!
