
Candy (2006) Sinhala Subtitle | සිංහල උපසිරැසි
දැන් සහ කැන්ඩි කියන්නේ පිස්සු හැදෙන තරමට ආදරේ කරන තරුණ ජෝඩුවක්. දැන් කවි ලියන්න ආස කරන කෙනෙක්. කැන්ඩි චිත්‍ර අඳින කෙනෙක්.
මේ දෙන්නගේ ආදරේ වගේම ජීවිතේ ලොකු තැනක් අරන් තියෙන්නේ ‘හේරොයින්’ කියන මත්ද්‍රව්‍ය. ඒක ඔවුන්ගේ ජීවිතයේ කොටසක් වෙලා.
මුල් කාලේදී මේක එයාලට හොඳ විනෝදයක් වගේ දැනෙනවා. දෙන්නා එකතු වෙලා මේ නිදහස් ජීවිතේ උපරිමයෙන් විඳිනවා. ඒත් මේ “නිදහස” කියන දේ වෙනස් වෙන්න වැඩි කල් යන්නේ නෑ.
ක්‍රමක්‍රමයෙන් එයාලගේ ඇබ්බැහිය වැඩි වෙනකොට සල්ලි ප්‍රශ්න පටන් ගන්නවා. මුලින් සතුට, ආදරය තිබුණ තැනට සොරකම් කිරීම, බොරු කීම වගේ දේවල් එනවා. ජීවත් වෙන්න සල්ලි හොයන්න කැන්ඩිට පුළුවන් හැම දේම කරන්න වෙනවා. මේ හැමදේම වෙන්නේ එයාලගේ ජීවිතේ විනාශය ළඟා වෙනකොටයි.
චිත්‍රපටය කොටස් තුනකට බෙදලා තියෙනවා: ‘ස්වර්ගය’ (Heaven), ‘පොළොව’ (Earth), සහ ‘නිරය’ (Hell).
මේ තුන්කොටසින් එයාලගේ ජීවිතේ උඩු යටිකුරු වීම හොඳටම පේනවා. ඇබ්බැහිය කියන දේ දෙන්නගේම සම්බන්ධයත්, ජීවිතේ තියෙන බලාපොරොත්තුත් විනාශ කරන හැටි මේ චිත්‍රපටයෙන් ඇත්තටම පෙන්නනවා.
අන්තිමට මේ ආදර කතාව ඉවර වෙන්නේ කොහොමද? එයාලට මේ විනාශකාරී චක්‍රයෙන් ගැලවෙන්න පුළුවන් වෙයිද? නැත්නම් ඒක එයාලගේ ආදර කතාවේ අවසානය වෙයිද? ඒකට උත්තරේ චිත්‍රපටය බලලම දැනගන්න වෙනවා.
