Image Not Found

Chronicle (2012) Sinhala Subtitle | සිංහල උපසිරැසි

මේ කතාව කැරකෙන්නෙ ඉස්කෝලෙ යන සාමාන්‍ය කොල්ලො තුන් දෙනෙක් වටේ: ඇන්ඩෘ, මැට් සහ ස්ටීව්. ඇන්ඩෘ කියන්නෙ ටිකක් පාඩුවෙ ඉන්න, හැම වෙලේම කැමරාවකුත් අතේ තියාගෙන හැමදේම වීඩියෝ කරන කෙනෙක්.

දවසක් රෑක පාටියකදි, මේ තුන්දෙනා අමුතු සද්දයක් පස්සෙ පන්නගෙන ගිහින්, කැලෑවක තිබුණු අභිරහස් වළක් හොයාගන්නවා. කුතුහලයට ඒක ඇතුළට බැහැලා බලද්දි, එතන තියෙන දිලිසෙන, අමුතු දෙයකින් මුන්ට අමුතු බලයක් ලැබෙනවා.
ඒක තමයි ‘ටෙලිකයිනේසිස්’ (telekinesis) — ඒ කියන්නෙ, හිතේ බලයෙන් දේවල් එහා මෙහා කරන්න, පාලනය කරන්න පුළුවන්කම.

මුලදි ඉතින් මේක මාර ජොලි. උන් මේ බලය පාවිච්චි කරලා පොඩි පොඩි විහිළු කරනවා, සෙල්ලම් කරනවා, මිනිස්සුන්ව බය කරනවා. ඇන්ඩෘ මේ හැමදේම එයාගෙ කැමරාවෙ රෙකෝඩ් කරනවා. දවසින් දවස මුන්ගෙ බලය තවත් වැඩි වෙනවා; පොඩි බඩුවක් උස්සපු උන් අහසින් පියාඹන තැනටම එනවා.

ඒත් මේ ‘සෙල්ලම’ ටික ටික භයානක පැත්තට හැරෙනවා. බලය වැඩි වෙද්දි, මුන් තුන්දෙනා අතර තියෙන ප්‍රශ්නත් ලොකු වෙනවා. විශේෂයෙන්ම, ගෙදර ප්‍රශ්න වලින් පීඩා විඳින, ඉස්කෝලෙදි කොන් වෙලා ඉන්න ඇන්ඩෘට, මේ බලය ඔලුවට යනවා. එයාගෙ ඇතුළෙ හිරවෙලා තිබුණු තරහ, කළුවර පැත්ත එළියට එන්න පටන් ගන්නවා.

නිකන් විනෝදෙට පටන් ගත්ත දෙයක්, පාලනය කරගන්න බැරි, විනාශකාරී තැනකට හැරෙනවා. සාමාන්‍ය කොල්ලො තුන් දෙනෙක්ට දේව බලයක් ලැබුණම, ඒක කොහෙන් කෙළවර වෙයිද?

ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.