
Contract to Kill (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි
‘Berlin Syndrome’ (2017) කියන්නේ බලන කෙනාව හොඳටම අල්ලගන්න, ඇඟේ හිරිගඩු පිපෙන ජාතියේ ‘සයිකොලොජිකල් තිලර්’ (psychological thriller) එකක්.
කතාව පටන් ගන්නේ ක්ලෙයාර් (Clare) කියන ඕස්ට්‍රේලියානු තරුණියගෙන්. මෙයා ෆොටෝ ගහන්නත් ආසයි, තනියම සවාරි යන්නත් ආසයි. ඉතින් මෙයා ජර්මනියේ බර්ලින් නුවරට එනවා. එහෙදි මෙයාට අන්ඩි (Andi) කියලා හරිම සුහදශීලී, කතාබහට දක්ෂ ජර්මන් තරුණයෙක්ව මුණගැහෙනවා. එයා ඉංග්‍රීසි ගුරුවරයෙක්.
ඉතින් මේ දෙන්නා අතරේ ඉක්මනටම සම්බන්ධයක් ඇතිවෙනවා. එක රැයක් එයත් එක්ක ගත කරලා, පහුවදා උදේ ක්ලෙයාර් නැගිටිනකොට තමයි අමුතුම දෙයක් තේරෙන්නේ. අන්ඩි වැඩට ගිහින්, ඒත් ක්ලෙයාර් ඉන්න තැන දොරවල් ඔක්කොම ලොක් කරලා!
මුලින්ම එයා හිතන්නේ ‘අයියෝ, එයාට යතුරක් තියලා යන්න අමතක වෙන්න ඇති’ කියලා. ඒත් ටිකෙන් ටික, පැයෙන් පැය ගෙවෙද්දී ක්ලෙයාර්ට තේරෙනවා මේක අමතක වීමක් නෙවෙයි, එයා දරුණු විදිහට අහු වෙලා කියලා. එළියට පේනවාට වඩා හාත්පසින්ම වෙනස් මනුස්සයෙක් අතට තමයි එයා අහුවෙලා තියෙන්නේ. එතනින් එහාට එයා බේරෙන්න කරන දේවල් තමයි කතාව. ඇත්තටම එයාට බේරෙන්න පුළුවන් වෙයිද?
මේක අධ්‍යක්ෂණය කරන්නේ කේට් ෂෝර්ට්ලන්ඩ් (Cate Shortland). ප්‍රධාන චරිත දෙක, ඒ කියන්නේ ක්ලෙයාර් විදිහට ටෙරීසා පාමර් (Teresa Palmer) සහ අන්ඩි විදිහට මැක්ස් රීමල්ට් (Max Riemelt) පට්ටම විදිහට ඒ චරිත දෙක කරනවා.
