Image Not Found

Crater (2023) Sinhala Subtitle | සිංහල උපසිරැසි

මේ කතාව දිගහැරෙන්නේ අනාගතයේදී, මිනිසුන් පදිංචි වෙලා ඉන්න චන්ද්‍රයා මත පිහිටි පතල් ජනපදයක.

කැලෙබ් කියන තරුණයාට සිද්ධ වෙනවා එයාගේ තාත්තාගේ අභාවයෙන් පස්සේ, ‘ඔමේගා’ කියලා හඳුන්වන වෙනත් සුරපුරක් වගේ ග්‍රහලෝකෙකට සදහටම යන්න. ඒකට එයා සූදානම් වෙන්න ඕනේ.

ඒත්, අන්තිම දවස් ටිකේදී, කැලෙබ්ට ඕනෙ වෙනවා එයාගේ තාත්තා නිතරම කතා කරපු, අභිරහස් ‘ආවාටයක්’ බලන්න යන්න. ඒක තමයි තාත්තා එයාට දෙන්න පොරොන්දු වුනු තෑග්ග.
ඉතින්, එයා තමන්ගේ හොඳම යාළුවෝ හතර දෙනා එක්ක එකතු වෙලා, රහසින් වාහනයක් අරගෙන, ඒ අභිරහස් ගමන පිටත් වෙනවා.

මේ වික්‍රමය ඇතුළේ එයාලට චන්ද්‍රයාගේ මතුපිට තියෙන නොදැකපු දේවල් ගොඩක් හමුවෙනවා. ඒ වගේම, එයාලගේ මිත්‍රත්වය තව තවත් ශක්තිමත් වෙනවා.
ඒත්, මේ ගමන පිටිපස්සේ කැලෙබ්ගේ තාත්තාගේ ජීවිතය ගැන, ඒ වගේම මේ ජනපදයේ ඇත්ත තත්ත්වය ගැන නොහිතපු රහස් සැඟවිලා තියෙන්න පුළුවන්.


අන්තිමට කැලෙබ්ට එයාගේ ජීවිතේට වැදගත් තීරණයක් ගන්න වෙනවා, එයා සදහටම ඔමේගා යනවද නැද්ද කියලා. මේ ගමනින් පස්සේ ඔහුගේ ජීවිතය වෙනස් වෙයිද?

ලබා දී ඇති උපසිරැසි WEBRip / WEB-DL පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.