Image Not Found

Cube²: Hypercube (2002) Sinhala Subtitle | සිංහල උපසිරැසි

අට දෙනෙක්, නන්නාඳුනන පිරිසක්, එකපාරටම අවදි වෙන්නේ කියුබ් හැඩැති කාමරයක් ඇතුලේ. ඒ කාමරේ හැම පැත්තෙම තියෙන දොරවල් වලින් තවත් අද්භූත කාමර ගොඩකට යන්න පුළුවන්. හැබැයි මේක කලින් චිත්‍රපටයේ කියුබ් එක වගේ නෙවෙයි. මේක ඊට වඩා සංකීර්ණයි, හරියටම කිව්වොත් මේක හයිපර්කියුබ් (Hypercube) එකක්.

මේක ඇතුලේ සාමාන්‍ය විද්‍යා නීති වැඩ කරන්නේ නැහැ. සමහර කාමර වල ගුරුත්වාකර්ෂණය අමුතු විදියට වෙනස් වෙනවා, සමහර තැන්වල කාලය සහ අවකාශය විකෘති වෙලා තියෙන්නේ. ඒ කියන්නේ එකම මොහොතේ සමාන්තර ලෝක පවා මුණගැහෙන්න පුළුවන්!

මේ අට දෙනාට පිටතට යන්න නම් මේ අමුතු වස්තුවේ රහස හොයාගන්න වෙනවා. හැබැයි එයාලට තේරෙන්න පටන් ගන්නවා, මේ හැමෝම එකම අද්භූත සමාගමක් එක්ක සම්බන්ධයක් තියෙන බව.

ඇත්තටම මේක හැදුවේ ඇයි? මේ අයට මොකක්ද වෙන්නේ? හයිපර්කියුබ් එක ඇතුලේදී කාටද විශ්වාස කරන්න පුළුවන්, කාටද බැරි කියලා තීරණය කරන්න බැරි තරමටම දේවල් අවුල් වෙනවා. අන්තිමට මොකක් වෙයිද? බේරෙන්න පුළුවන් කී දෙනෙක්ටද? ඒක ඔයාලම බලලා දැනගන්න!

ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.