
Curse of Chucky – 2013 Sinhala Subtitle | සිංහල උපසිරැසි
ඔයා හොල්මන් සහ ත්‍රාසජනක චිත්‍රපටවලට පිස්සු වැටුණු කෙනෙක් නම්, “චකී” (Chucky) ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. හැබැයි Curse of Chucky (2013) කියන්නේ මේ කතා මාලාවේ ටිකක් වෙනස්ම පැත්තක් පෙන්නපු නිර්මාණයක්. කතාව පටන් ගන්නේ අභිරහස් පාර්සලයක් නික් (Nica) කියන තරුණියගේ ගෙදරට ලැබීමත් එක්ක. මේ නික් කියන්නේ රෝද පුටුවක ඉන්න කෙනෙක්. ඒ පාර්සලයේ තියෙන්නේ හුරුබුහුටි පෙනුමක් තියෙන “ගුඩ් ගයි” (Good Guy) රූකඩයක්.
හැබැයි මේ රූකඩය ආපු දවසේ ඉඳලා නික්ගේ පවුලේ අයට අමුතු අමුතු දේවල් වෙන්න ගන්නවා. මුලින්ම නික්ගේ අම්මා අභිරහස් විදිහට මිය යනවා. ඊට පස්සේ ඇගේ නංගි සහ පවුලේ අය ගෙදරට එනවා අම්මාගේ අවමංගල්‍ය වැඩවලට. එතැන් පටන් මුළු ගෙදරම බියකරු හීනයක් බවට පත් වෙනවා. එකින් එක්කෙනා අමුතු විදිහට මිය යන්න ගනිද්දී, නික්ට සැක හිතෙනවා මේ හැමදේකටම අර අලුතින් ආපු රූකඩය සම්බන්ධයි කියලා.
කවුද මේ රූකඩය එවන්නේ? ඇයි මේ පවුලම ඉලක්ක කරන්නේ? චකීට මේ පවුල එක්ක තියෙන පරණ කෝන්තරය මොකක්ද? මේ ප්‍රශ්නවලට උත්තර හොයන ගමන් නික්ට සිද්ධ වෙනවා තමන්ගේ ජීවිතය බේරගන්න දරුණු සටනක් දෙන්න. මේ චිත්‍රපටය පුරාම තියෙන්නේ හුස්ම හිරවෙන කුතුහලයක්. විශේෂයෙන්ම රෑ කාලයේ සිද්ධ වෙන දර්ශන තල ඔයාව පුදුම විදිහට බය කරයි. චකීගේ කටහඬ සහ ඔහුගේ දරුණු සිනහව ආයෙත් සැරයක් ඔයාගේ හීනවලට එන එක නම් නවත්තන්න බැරි වෙයි.
