
Curse of the Seven Oceans (2024) Sinhala Subtitle | සිංහල උපසිරැසි
මේ කතාව දිගහැරෙන්නේ සාමාන්‍ය පවුලක් වටා. හැබැයි මේ අයගේ තාත්තාට අමුතු පාර්සලයක් හම්බවෙන දවසක ඉඳලා තමයි හැමදේම අවුල් වෙන්නේ.
මේ තාත්තා වෙළෙන්දෙක්. එයා වෙළඳපොළේ කඩයක් කරන්නේ. ඒත් ඒ අද්භූත පාර්සලය හම්බවෙලා, මොකක්දෝ ගෝත්‍රිකයන්ගේ අමුතු කටහඬවල් ඇහුණාට පස්සේ, පවුලේ අයට එකින් එක ලෙඩ වෙන්න පටන් ගන්නවා. මුලින්ම ලෙඩ වෙන්නේ තාත්තා. ඊට පස්සේ අම්මායි, මල්ලිත් අසනීප වෙනවා.
පවුලේ වැඩිමහල් පුතා වන “ආර්ඩි”යි, එයාගේ නංගි “ෂිෆා”යි හිතන්නේ මේවා සාමාන්‍ය ලෙඩ නෙවෙයි කියලා. මේ පිටුපස්සේ තියෙන්නේ දරුණු කළු මැජික් ශාපයක් – විශේෂයෙන් “සත් සමුදුරේ ශාපය” හෙවත් සන්තෙත් සෙගොරෝ පිතූ (Santet Segoro Pitu) කියන දරුණු මායාවක් කියලා එයාලට තේරෙනවා.
දැන් මේ දෙන්නාට සිද්ධ වෙනවා බේරෙන්න නම්, මේ ශාපයේ මුල හොයාගෙන, ඒක නැති කරන්න. එතකොට තමයි ආර්ඩිට මතක් වෙන්නේ පොඩි කාලේ කළ සැත්කමකින් එයාට අමුතුම බලයක්, ඒ කියන්නේ “තුන්වෙනි ඇස” ලැබිලා තියෙන බව. ඒ නිසාමදෝ එයාට අවතාර, භූතයන් පේන්නත් පටන් අරන්.
දැන් මෙයාලට තියෙන ලොකුම අභියෝගය තමයි මේ දරුණු ශාපයට මුහුණ දීලා, පවුල බේරගන්න පුළුවන් වෙයිද? ඇත්තටම මේ ශාපයට හේතුව මොකක්ද?
