Image Not Found

Daddy’s Head (2024) Sinhala Subtitle | සිංහල උපසිරැසි

මේක පටන් ගන්නේ පුංචි කොල්ලෙක් සහ එයාගේ අලුත් අම්මා… ඒ කියන්නේ සුළු මව… මෙයාලා දෙන්නා තනියම ජීවත් වෙන විදියෙන්. මොකද අර කොල්ලගේ තාත්තා, ඒ කියන්නේ අර ගෑනු කෙනාගේ මහත්තයා හදිසියේම මැරෙනවා.

දැන් ඉතින් ගෙදර තියෙන්නේ පුදුම හුදකලාවක්. අර පොඩි කොල්ලා හිතාගන්න බැරි දුකකින් ඉන්නේ. සුළු අම්මාටත් තමන්ගේ දුකයි, මේ පුතා ගැන තියෙන වගකීමයි දෙකම බාරගන්න අමාරුයි.

ඔය අතරේ තමයි ගෙදර වටේ අමුතු සද්ද ඇහෙන්න පටන් ගන්නේ. පුතාට හිතෙනවා මොකක්දෝ බය හිතෙන සතෙක් වගේ දෙයක් ගෙදර ඇවිදිං යනවා කියලා.
හැබැයි වැඩේ භයානක වෙන්නේ ඒ සතා, නැත්නම් ඒ සත්වයාව දැක්කාමයි. ඒක කොල්ලගේ නැති වෙච්ච තාත්තාගේ මූණ වගේ!

පුතා නම් හිතනවා ඒ එයාගේ තාත්තාම තමයි ආයෙත් ඇවිත් කියලා. හැබැයි සුළු අම්මා මේක ගණන් ගන්නේ නෑ, හිතන්නේ මේවා දුකින් උන පිස්සු කියලා.

ඒත් මේ අමුතු සත්වයා හෙමින් හෙමින් මෙයාලගේ ජීවිතවලට රිංගනවා. ඒක පුතාට කියනවා අම්මාට විශ්වාස කරන්න එපා කියලා. මේ විදියට එයාලගේ ඒ බිඳිලා තියෙන සම්බන්ධතාවය තවත් නරක අතට හැරෙනවා.

ඇත්තටම මේ සත්වයා කවුද? එයාට ඕන මොනවද? මේක මේ පුංචි කොල්ලාගේ දුක විතරද? එහෙම නැත්නම් ඒක සැබෑ භයානක දෙයක්ද? ඔයාලම බලන්නකෝ කතාව. එතකොට දැනගන්න පුළුවන්.

ලබා දී ඇති උපසිරැසි WEBRip / WEB-DL පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.