Image Not Found

Dancer in the Dark (2000) Sinhala Subtitle | සිංහල උපසිරැසි

මුලින්ම කාස්ට් එක ගැන පොඩ්ඩක් කිව්වොත්, මේක අධ්‍යක්ෂණය කරන්නේ ලාර්ස් වොන් ට්‍රියර් (Lars von Trier). එයා ටිකක් වෙනස්, අමුතු විදිහේ ෆිල්ම් හදන ඩිරෙක්ටර් කෙනෙක්. මේකේ ප්‍රධාන චරිතේ කරන්නේ ලෝක ප්‍රසිද්ධ අයිස්ලන්ත ගායිකාවක් වන Björk. එයාගේ රඟපෑම නම් කියලා නිම කරන්න බැරි තරම් තාත්විකයි වගේම විශිෂ්ටයි.

කතාව යන්නේ මෙහෙමයි. සෙල්මා (Selma) කියන්නේ ඇමරිකාවට සංක්‍රමණය වුණ චෙක් ජාතික කාන්තාවක්. එයා ෆැක්ටරියක වැඩ කරමින් තමන්ගේ පුතත් එක්ක බොහොම අමාරුවෙන් ජීවත් වෙන්නේ. හැබැයි එයාට ලොකු ඛේදවාචකයකට මූණ දෙන්න වෙලා තියෙනවා. එයාගේ ඇස් පෙනීම එන්න එන්නම දුර්වල වෙලා, අන්ධ වෙමින් පවතින්නේ. භයානකම දේ තමයි, මේ ජානමය ලෙඩේ එයාගේ පුතාටත් උරුම වෙලා තියෙන එක.

සෙල්මාගේ එකම අරමුණ තමන් සම්පූර්ණයෙන්ම අන්ධ වෙන්න කලින්, කොහොමහරි සල්ලි එකතු කරලා පුතාගේ ඇස් ඔපරේෂන් කරන එක. ඒකට එයා රෑ දවල් නොබලා මහන්සි වෙනවා. ජීවිතේ කොච්චර අමාරු වුණත්, ප්‍රශ්න එනකොට එයා හිතින් මියුසිකල් සිහින ලෝකෙක ජීවත් වෙලා හිත හදාගන්නවා.

හැබැයි එයා විශ්වාස කරන, එයාට උදව් කරනවා කියලා හිතාගෙන ඉන්න ළඟම අය නිසා කතාව සම්පූර්ණයෙන්ම වෙනස්, භයානක පැත්තකට හැරෙනවා. මේ අහිංසක අම්මා තමන්ගේ දරුවා වෙනුවෙන් කොච්චර දුරක් යයිද? එයාට පුතාව අන්ධභාවයෙන් බේරගන්න පුළුවන් වෙයිද? කියන එක දැනගන්න නම් ෆිල්ම් එක බලන්නම වෙනවා.

ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.