Image Not Found

Dangal (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි

මහවීර් සිං ෆෝගට් කියන්නේ ජාතික මට්ටමේ මල්ලවපොර ශූරයෙක්. නමුත් රටට රන් පදක්කමක් දිනාගන්න තිබුණු එයාගේ ලොකුම හීනය ඉටු කරගන්න බැරි වෙනවා. ඊට පස්සේ එයා හිතන්නේ ඒ හීනේ එයාගේ පුතාගෙන් සම්පූර්ණ කරගන්න.

ඒත් අවාසනාවට වගේ එයාට ලැබෙන්නේ පුතාලා නෙවෙයි, දූවරු. මේ නිසා එයාගේ හීනේ ටික කාලෙකට යටපත් වෙනවා.

දවසක් එයාගේ ලොකු දූලා දෙන්නා, ගීතායි බබිතායි, ගමේ කොල්ලෝ දෙන්නෙකුට හොඳටම තලනවා. එතකොටයි මහවීර්ට තේරෙන්නේ, මෙන්න මේ දූලාට පුළුවන් එයාගේ හීනේ වෙනුවෙන් පොර බදන්න.

ගමේ අයගේ ඕනෑතරම් උපහාස, කතා බස් මැද, එයා මේ දූලා දෙන්නව මල්ලවපොර ශූරියෝ කරන්න හරිම තද පුහුණුවක් දෙන්න පටන් ගන්නවා. දූලා මුලදී මේකට කැමති නැහැ. මේ දේ දූලාව තරමක් අසීරු තත්ත්වයකට පත් කරනවා. හැබැයි ටික කාලෙකින් එයාලා තේරුම් ගන්නවා තාත්තාගේ මේ උත්සාහය පිටිපස්සේ තියෙන ලොකුම දේ.

පස්සේ කාලෙක ගීතා ජාතික මට්ටමේ පුහුණු කඳවුරකට යනවා. හැබැයි එතැනදි එයා තාත්තාගෙන් ඉගෙන ගත්තු දේවල් ටිකක් අමතක කරලා වෙනත් ක්‍රමවලට යොමු වෙන්න බලනවා. මේ නිසා එයා තරඟ ගණනාවක් පරදිනවා.

තාත්තාගෙන් දුරස් වුණු ගීතාට ආපහු හැරෙන්න වෙන සිද්ධි දාමයක් එනවා. එතකොට ගීතාගේ හිතට ලොකු අභියෝගයක් දැනෙනවා. එයාට පුළුවන් වෙයිද ආපහු නැගිටලා, ලෝකයටම දිරිය දියණියක් විදිහට තමන්ගේ රටට රන් පදක්කමක් දිනා දෙන්න? ඒකට එයාගේ තාත්තා උදව් කරයිද? කතාව බලන්න.

ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.