
Dragon Rider (2020) Sinhala Subtitle | සිංහල උපසිරැසි
ඔන්න යාලුවනේ, ඩ්‍රැගන්ලා එහෙම නැත්තම් මකරු ගැන ආස අයට බලන්න පුළුවන් ලස්සන ඇනිමේෂන් ෆිල්ම් එකක් තමා Dragon Rider කියන්නේ. මේක අධ්‍යක්ෂණය කළේ Tomer Eshed. ඒ වගේම Thomas Brodie-Sangster, Freddie Highmore සහ Patrick Stewart වගේ ජනප්‍රිය නළුවන් තමයි මේකට කටහඬින් දායක වෙලා තියෙන්නේ.
මේ කතාවේ හැටියට දැන් ලෝකේ මකරුන්ට නිදහසේ ඉන්න අමාරුයි. මොකද මිනිස්සු මේ මකරු ඉන්න කැලෑ එළි කරලා ඒ අයගේ වාසස්ථාන විනාශ කරනවා. ඉතින් මේ අතරේ ඉන්නවා “ෆයර්ඩ්රේක්” කියලා තරුණ රිදී මකරෙක්. එයාට ඕන වෙනවා එයාගේ ජාතිය මේ කරදරෙන් බේරගන්න. එයා අහලා තියෙනවා මකරුන්ට කාගෙවත් කරදරයක් නැතුව ඉන්න පුළුවන් “Rim of Heaven” (දිව්‍ය ලෝකයේ කෙළවර) කියලා රහසිගත තැනක් ගැන.
ඉතින් මේක හොයාගෙන යන ගමනට එයාගේ උදව්වට එන්නේ “සොරාල්” කියන කැලෑ සතෙක්. ඔහොම යනකොට අතරමගදී මෙයාලට “බෙන්” කියලා අනාථ කොල්ලෙක්වත් සෙට් වෙනවා. බෙන් කියන්නේ එයා “ඩ්‍රැගන් රයිඩර්” කෙනෙක් එහෙම නැත්තම් මකරු පදින්නෙක් කියලා.
හැබැයි වැඩේ කියන්නේ, මේ ගමන ලේසි නෑ. “නෙටල්බ්රෑන්ඩ්” කියලා මකරුන්ව කන්න හදපු භයානක යකඩ රාක්ෂයෙක් මෙයාලගේ පස්සෙන් එනවා.
ඉතින් මේ පුංචි මකරා කොහොමද ඒ ආරක්ෂිත තැන හොයාගන්නේ? අර මකරා පදිනවා කියන කොල්ලට ඇත්තටම මකරෙක් පදින්න පුළුවන් වෙයිද? යකඩ රාක්ෂයාගෙන් මෙයාලා බේරෙන්නේ කොහොමද? අන්න ඒ ටික දැනගන්න නම් කුතුහලයෙන් පිරුණු මේ ෆිල්ම් එක බලන්නම වෙනවා.
