
Empire of Light (2022) Sinhala Subtitle | සිංහල උපසිරැසි
ඒකේ තියෙනවා ‘එම්පයර්’ කියලා පරණ සිනමා ශාලාවක්. මේකේ වැඩ කරනවා හිලරි කියලා කාන්තාවක්, එයා තමයි ඩියුටි මැනේජර්.
ඇත්තටම එයා හරිම තනිවුණු කෙනෙක්. එයා මානසික ගැටළුත් එක්ක පොරබදිනවා, ඒ වගේම එයාගේ ලොක්කා එක්ක එච්චර හොඳ නැති සම්බන්ධයකුත් පවත්වාගෙන යනවා. මේ සියල්ල අතරේ තමයි ඇගේ ජීවිතය ගෙවෙන්නේ.
ඔන්න දවසක් ස්ටීවන් කියලා අලුත් සේවකයෙක් එනවා. එයා තරුණ, හරිම ආකර්ශනීය පුද්ගලයෙක්.
හිලරි, ස්ටීවන්ට සිනමා ශාලාවේ උඩ තට්ටුවේ තියෙන ලස්සන, හැබැයි කිසිම කෙනෙක් පාවිච්චි නොකරන පැරණි කොටස පෙන්නනවා. මෙතනදී තමයි මේ දෙන්නා අතරේ පුදුම බැඳීමක් ඇති වෙන්නේ.
ඒ බැඳීම ටිකෙන් ටික වෙනස් වෙනවා. හිලරි අලුත් සතුටක් හොයාගන්නවා, ඒත් ඒ සතුටත් එක්කම එයාගේ මානසික තත්ත්වය ආයෙත් නරක අතට හැරෙන්න පටන් ගන්නවා.
මේ අතරේ ස්ටීවන්ට සමාජයෙන් එල්ල වෙන වර්ගවාදී පීඩාවනුත් එන්න එන්නම වැඩි වෙනවා.
දැන් තියෙන ප්‍රශ්නේ මේ අවුල් සහගත කාලෙක, මේ දෙන්නගේ අමුතු සම්බන්ධය කොච්චර කල් පවතීද? එයාලට තමන්ගේ ප්‍රශ්නවලට විසඳුම් හොයාගන්න මේ සිනමා ශාලාව උදව් වෙයිද?
