Image Not Found

Empire State (2013) Sinhala Subtitle | සිංහල උපසිරැසි

‘Empire State’ (2013) කියන්නේ ඇත්තටම වෙච්ච සිද්ධියක් පාදක කරගෙන හදපු පට්ට කතාවක්. මේක අධ්‍යක්ෂණය කරන්නේ Dito Montiel. ප්‍රධාන නළුවෝ තමයි Liam Hemsworth (ක්‍රිස්) සහ Michael Angarano (එඩී). හැබැයි කතාවේ වැදගත්ම තැනක ඉන්නවා Dwayne Johnson (The Rock), එයා තමයි සිද්ධිය හොයන පොලිස් පරීක්ෂක.

කතාව යන්නේ මෙහෙමයි… ක්‍රිස් කියන්නේ පොලිසියට යන්න හීන මවපු කොල්ලෙක්. ඒත් ඒක හරියන්නේ නැති වුණාම, එයා සල්ලි ප්‍රවාහනය කරන ‘ආමර්ඩ් ට්‍රක්’ කම්පැණියක සිකියුරිටි ගාඩ් කෙනෙක් විදිහට ජොබ් එකට යනවා.

ගිහිල්ලා ටික දවසකින් මෙයාට මීටර් වෙනවා, “මේ කම්පැනියේ සිකියුරිටි නම් හරිම අවුල් නේ” කියලා. එතන කෝටි ගණන් සල්ලි තිබ්බට, කිසිම හරියන ආරක්ෂාවක් නෑ.
ක්‍රිස් මේ කතාව එයාගේ හොඳම යාළුවා, එඩීට කියනවා. හැබැයි එඩී කියන්නේ ටිකක් දඟ, පොඩි පොඩි වැරදි වැඩ කරන ඩයල් එකක්.

ඉතින්, මේ දෙන්නා එකතු වෙලා ප්ලෑන් කරනවා ඒ කම්පැනියෙන් සල්ලි කොල්ලකන්න. පොඩි ගාණක් නෙවෙයි, ඇමරිකාවේ ඉතිහාසයේ වුණු ලොකුම මුදල් මංකොල්ලයක්!
හිතනවටත් වඩා ලේසියෙන් එයාලා සල්ලි ටික ගන්නවා. ඒත්… නියම ප්‍රශ්න පටන් ගන්නේ එතනින්.

එක පැත්තකින් ‘ද රොක්’ (පරීක්ෂක) මේ හොරු කවුද කියලා හොයන්න පටන් ගන්නවා. අනික් පැත්තෙන්, මේ දෙන්නා සල්ලි පාවිච්චි කරන්න අරගෙන, හැමෝගෙම ඇහැ එයාලා දිහාවට යොමු වෙනවා. මේ ගොඩක් සල්ලි එක්ක එයාලට මොනවා වෙයිද? එයාලා අහු වෙයිද?

ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.