Image Not Found

Enter the Void (2009) Sinhala Subtitle | සිංහල උපසිරැසි

මේක නිර්මාණය කරන්නේ Gaspar Noé කියන සිනමාවේ අමුතු වැඩ කරන අධ්‍යක්ෂකවරයා. ප්‍රධාන චරිත විදිහට Nathaniel Brown (ඔස්කා) සහ Paz de la Huerta (ලින්ඩා) රඟපානවා. මේක නිකන්ම ෆිල්ම් එකක් කියනවට වඩා ඇස් වලට දැනෙන අමුතුම “ට්‍රිප්” එකක් කිව්වොත් හරි.

කතාව සිද්ධ වෙන්නේ ටෝකියෝ නගරයේ. ඔස්කා කියන්නේ ඩ්‍රග්ස් ඩීල් කරන තරුණයෙක්. එයාගේ නංගි ලින්ඩා, එයා නයිට් ක්ලබ් එකක ස්ට්‍රිපර් කෙනෙක් විදිහට වැඩ කරනවා. මේ දෙන්නා පොඩි කාලේ තමන්ගේ දෙමව්පියන්ව නැති වුණාට පස්සේ කාටවත්ම එකිනෙකාව දාලා යන්නේ නෑ කියලා ලොකු පොරොන්දුවක් වෙලා තියෙන්නේ.

කතාව පටන් ගන්නේ ඔස්කා “The Void” කියන ක්ලබ් එකට පොඩි ගනුදෙනුවකට යන තැනින්. හැබැයි එතනදී පොලිසිය පන්නද්දි ඔස්කාට වෙඩි වැදිලා එයා මැරෙනවා. සාමාන්‍ය ෆිල්ම් එකක නම් වීරයා මැරුණම කතාව ඉවරයිනේ? හැබැයි මේකේ නියම කතාව පටන් ගන්නේ එතනින්.

ඔස්කා මැරුණට එයා නංගිට වුණු පොරොන්දුව නිසා එයාගේ ආත්මය (Soul) යන්නේ නෑ. එයාගේ ආත්මය ටෝකියෝ නගරය උඩින් පාවෙවී, තමන්ගේ නංගි දිහාත්, තමන්ගේ ජීවිතේ වෙච්ච පරණ දේවල් දිහාත් බලාගෙන ඉන්නවා.

මේ ෆිල්ම් එකේ විශේෂම දේ තමයි අපි සම්පූර්ණ කතාවම දකින්නේ ඔස්කාගේ ඇස් වලින් සහ පස්සේ එයාගේ ආත්මය පාවෙන කෝණයෙන් (POV). විදුලි එළි, පාට සහ සවුන්ඩ්ස් පාවිච්චි කරලා මරණයෙන් පස්සේ තියෙන ලෝකය ගැන මාරම විදිහේ අත්දැකීමක් මේකෙන් දෙනවා. ඇත්තටම ආත්මයක් උඩ ඉඳන් පහළ බලන් ඉන්නකොට දැනෙන හැඟීම මේකෙන් නියමෙටම අරගෙන තියෙනවා.

ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.