Image Not Found

Eternal Bond (2025) Sinhala Subtitle | සිංහල උපසිරැසි | පෙම්වතියගේ දෑස් දෙස කෙලින් බලන්න එපා

මේක ටිකක් අමුතුම විදිහේ ලව් ස්ටෝරි එකක් වගේම ත්‍රාසජනක ෆිල්ම් එකක්. මේකේ ප්‍රධාන චරිතය තමයි ඇනා කියන තරුණ කෙල්ල. එයා සාමාන්‍ය කෙල්ලෙක් වගේ පෙනුනට, එයාට ලොකු රහසක් තියෙනවා. ඇනා කියන්නේ පරණ නාග ගෝත්‍රයක රජ කෙනෙක්ගේ ලේ නෑකමක් තියෙන කෙනෙක්. කෙටියෙන්ම කිව්වොත් එයා බාගයක් මනුස්සයෙක්, බාගයක් නාගයෙක්. එයාගේ තාත්තා මේ රහස ලෝකෙන් හංගගෙන ඉන්න හරිම පරිස්සම් වෙනවා. මොකද දන්නවද? ඇනාගේ අතේ තියෙන මැජික් මුද්ද ගැලෙව්වොත් එයා භයානක රාක්ෂයෙක් බවට පත් වෙනවා. එහෙම වුණාම එයාගේ ඔලුවේ තියෙන්නේ කොණ්ඩේ නෙවෙයි, නයි! අර මෙඩූසා වගේ, එයාගේ ඇස් දිහා කෙලින් බලන ඕනම කෙනෙක්ව ගල් බවට පත් කරන්න එයාට පුළුවන්. ඉතින් මේ තාත්තයි දුවයි කාටවත් අහු නොවී හැම තැනම පැන පැන යනවා.

ඔහොම ඉද්දි මෙයාලා අලුත් ටවුන් එකකට එනවා. එහේදී ඇනාට කාවෝ (Kao) කියලා කොල්ලෙක්ව හම්බවෙනවා. මේ කොල්ලා හරිම තනිවුණු, අනිත් අයගෙන් කරදර විඳින කෙනෙක්. ඉතින් මේ දෙන්නා අතරේ පොඩි ආදරයක් ඇති වෙනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේ ටවුන් එකේ මිනිස්සු එකපාරටම ගල් බවට පත් වෙන්න පටන් ගන්නවා. මේ ගැන හොයන්න විශේෂ පරීක්ෂකයෙක් එනවා බෙජමින් කියලා. එයාට මේක ලොකු ප්‍රහේලිකාවක්. අනිත් පැත්තෙන් කාවෝ දැනගන්නවා ඇනා සාමාන්‍ය කෙල්ලෙක් නෙවෙයි කියලා. හැබැයි එයා ඇනාට බය වෙන්නේ නෑ. ඒත් මේ දෙන්නා දන්නේ නෑ එයාලා පටන් අරන් තියෙන්නේ කොච්චර භයානක ගමනක්ද කියලා. පොලිසිය පස්සෙන් එද්දී, තමන්ගේ ඇත්ත ස්වභාවය එළියට එද්දී මේ ආදරේ බේරගන්න පුළුවන් වෙයිද? ඇනාගේ ඇස් දිහා බලලා කාවෝ ගල් වෙයිද? කුතුහලය පිරුණු, හුස්ම හිරවෙන සීන් තියෙන මේ ෆිල්ම් එක අනිවාර්යයෙන්ම බලන්න ඕන එකක්.

ලබා දී ඇති උපසිරැසි WEBRip / WEB-DL පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.