
Every Day (2018) Sinhala Subtitle | සිංහල උපසිරැසි
හිතන්න ඔයා ආදරේ කරන කෙනා හැමදාම උදේ වෙනස් වෙනවා කියලා. අද එක මූණක්. හෙට තව මූණක්. සමහරවිට අද කොල්ලෙක්, හෙට කෙල්ලෙක්. ‘Every Day’ කතාව ගෙතෙන්නේ මෙන්න මේ වගේ හිතාගන්නත් බැරි අමුතුම තේමාවක් වටේ.
රියානන් කියන්නේ සාමාන්‍ය ජීවිතයක් ගෙවන හයිස්කූල් කෙල්ලෙක්. එයාගේ බෝයිෆ්‍රෙන්ඩ් තමයි ජස්ටින්. හැබැයි ජස්ටින් කියන්නේ රියානන්ව හරියට ගණන් ගන්න, වගකීමක් තියෙන කෙනෙක් නෙවෙයි.
ඒත්, එක දවසක් උදේ, ජස්ටින් සම්පූර්ණයෙන්ම වෙනස් විදිහකට හැසිරෙනවා. එයා හරිම කාරුණිකයි. රියානන් එක්ක ගැඹුරු දේවල් කතා කරනවා, එයාගේ හිත තේරුම් ගන්නවා. එදා දවස රියානන්ගේ ජීවිතේ සුන්දරම දවසක් වෙනවා.
ප්‍රශ්නේ පටන් ගන්නේ පහුවදා ඉඳන්. මොකද ජස්ටින්ට ඊයේ දවස ගැන කිසිම දෙයක් මතක නෑ. එයා ආයෙත් පරණ, වගකීමක් නැති විදිහටමයි හැසිරෙන්නේ.
මෙතන තමයි කතාවේ නියම පැටලැවිල්ල තියෙන්නේ. එදා ජස්ටින්ගේ ශරීරය ඇතුළේ හිටියේ ‘A’ කියලා කෙනෙක්. ‘A’ කියන්නේ හරියට ආත්මයක් වගේ. ‘A’ ට තමන්ගේම කියලා ශරීරයක් නෑ. එයා හැමදාම උදේ ඇහැරෙන්නේ ඒ පළාතෙම ඉන්න, එයාගේ වයසේම වෙන කෙනෙක්ගේ ඇඟකින්. දවසයි ඒ ඇඟේ ඉන්න පුළුවන්.
ජස්ටින්ගේ ඇඟේ ඉන්නකොට ‘A’, රියානන්ට හිත යනවා. රියානනුත් ඇත්තටම ආදරේ කළේ ජස්ටින්ට නෙවෙයි, එදා එයා ඇතුළේ හිටපු ‘A’ ට. ‘A’ ඊළඟ දවස්වලත් විවිධ ශරීරවලින් රියානන්ව හම්බවෙන්න උත්සාහ කරනවා.
ඒත්, හැමදාම පෙනුම වෙනස් වෙන කෙනෙක්ට කොහොමද දිගටම ආදරේ කරන්නේ? රියානන්ට මේක දරාගන්න පුළුවන් වෙයිද? ‘A’ ට කවදාහරි තමන්ගෙම ශරීරයක් ලැබෙයිද? මේ අමුතුම ආදර කතාව කොහෙන් කෙළවර වෙයිද?
