
Extraterrestrial (2014) Sinhala Subtitle | සිංහල උපසිරැසි
ඔයාලා Aliens ලා ගැන තියෙන “Sci-Fi Horror” චිත්‍රපටවලට පිස්සු වැටෙන කෙනෙක්ද? එහෙනම් Extraterrestrial 2014 අනිවාර්යයෙන්ම බලන්න. කතාව පටන් ගන්නේ යහළුවන් පිරිසක් නිවාඩුවක් ගත කරන්න කැලෑවක් මැද තියෙන පාලු ගෙදරකට යන තැනින්. ඉතින් මේ හැමෝම හිතන්නේ සතුටින් සති අන්තය ගත කරන්න පුළුවන් වෙයි කියලා.
හැබැයි වැඩේ ගැස්සෙන්නේ අහසින් වැටෙන අමුතු වස්තුවක් නිසයි. මේක UFO එකක් කියලා එයාලා දැනගන්නකොට පරක්කු වැඩියි. එතැන් සිට මුළු කැලෑවම අමුතුම ආලෝකයකින් පිරෙනවා. මේ යහළුවන් පිරිසට තේරෙනවා එයාලව දඩයම් කරන්න මොකක් හරි අදෘශ්‍යමාන බලවේගයක් උත්සාහ කරනවා කියලා.
මේකේ තියෙන විශේෂත්වය තමයි අර අපි පුංචි කාලේ ඉඳන් අහලා තියෙන Aliens ලා මිනිස්සුන්ව පැහැරගන්නවා කියන කතාව හරිම බය හිතෙන විදියට පෙන්නලා තියෙන එක. ඔයාලා හිතනවා වගේ මේක සරල Alien කතාවක් නෙවෙයි. අවසානය ගැන හිතාගන්නවත් බැරි වෙයි. ඇත්තටම එයාලට මොකද වුණේ? ඒක දැනගන්න නම් මේක බලන්නම වෙනවා.
