Image Not Found

Fast and Fierce: Death Race (2020) Sinhala Subtitle | සිංහල උපසිරැසි

මේකෙ ප්‍රධාන චරිතේ තමයි ජැක්. එයා ඉස්සර සුපිරිම ස්ට්‍රීට් රේසර් කෙනෙක්. ඒත් දැන් ඒ ජීවිතේ අතඇරලා, මෙක්සිකෝවේ කොහේ හරි ගරාජ් එකක පාඩුවේ වැඩ කරගෙන ඉන්නවා.
එක දවසක්, ජැක්ගේ මල්ලි නෙල්සන් ලොකු කරදරයක වැටිලා එනවා. එයාට ලොකු අපරාධකාරයෙක් වෙච්ච ඩේවිට සල්ලි ගොඩක් ගෙවන්න තියෙනවා.

ඩේවි කියනවා, නෙල්සන්ගේ ණය ගෙවන්න ඕන නම් ජැක් කරන්න ඕන එකම දේ තමයි, Outlaw Race එකට තරග කරන එක! ඒක මෙක්සිකෝවේ ඉඳන් ලොස් ඇන්ජලීස් වෙනකම් යන මාරාන්තික රේස් එකක්. ජැක් අකමැත්තෙන් වුණත් මල්ලි වෙනුවෙන් මේකට එකඟ වෙනවා.

රේස් එක පටන් අරගෙන ටික වෙලාවකින්, ජැක්ගේ කාර් එකට පනිනවා හදිස්සියෙන් ආපු අමුතු ගෑනු ළමයෙක් – බියන්කා. කවුද මේ ගෑනු ළමයා? මෙයා ඩේවිගේ හිටපු ගෑනු ළමයා! තව දරුණුම කතාව කියන්නේ, ඩේවිව හිරේට යවන්න පුළුවන් USB ඩ්‍රයිව් එකක් මෙයාලා ළඟ තියෙනවා.

දැන් ජැක්ට තියෙනවා අභියෝග දෙකක්: එකක් Outlaw Race එක දිනන එක, අනිත් එක බියන්කාවයි ඒකෙ තියෙන රහස් තොරතුරු ටිකයි ඩේවිට අහුවෙන්නේ නැති වෙන්න ලොස් ඇන්ජලීස් වලට ආරක්ෂිතව ගෙනියන එක.

දැන් මේ රේස් එක නිකම්ම වේගවත් ධාවනයක් නෙවෙයි, මාරාන්තික මරණයේ රේස් එකක් වෙලා! ජැක්ට මේ දේවලින් බේරෙන්න පුළුවන් වෙයිද? මල්ලිගේ ණය ගෙවලා, බියන්කාගේ ජීවිතේ බේරගන්න පුළුවන් වෙයිද? බලමු!

ලබා දී ඇති උපසිරැසි WEBRip / WEB-DL පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.