Image Not Found

Felon (2008) Sinhala Subtitle | සිංහල උපසිරැසි

“Felon” (2008) කියන්නේ ඇත්තටම පපුවට වදින, ටිකක් දරුණු ගණයේ ෆිල්ම් එකක්.
මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Ric Roman Waugh. ප්‍රධාන චරිතවලට පණ පොවන්නේ Stephen Dorff (වේඩ් පෝටර්) සහ සුපිරි නළු Val Kilmer (ජෝන් ස්මිත්).

වේඩ් පෝටර් කියන්නේ තමන්ගේ පෙම්වතියයි, පුංචි පුතයි එක්ක හරිම සතුටින් ජීවත් වෙන්න හීන මවන, තමන්ගේම ව්‍යාපාරයක් කරගෙන යන සාමාන්‍ය මනුස්සයෙක්. හැබැයි, එක රෑක නොහිතපු විදිහට ගෙදරට පනින හොරෙක්ව එළවන්න ගිහින්, වේඩ් අතින් මේ හොරා මැරෙනවා

තමන්ගේ පවුල බේරගන්න කරපු දෙයක් වුණාට, නීතිය ඉස්සරහේ එයා වැරදිකාරයෙක් වෙනවා. වේඩ්ව යවනවා උපරිම ආරක්ෂාවක් තියෙන, දරුණුම අපරාධකාරයෝ ඉන්න හිර ගෙදරකට.

හිතාගන්න පුළුවන්නේ, එළියේ හොඳට හිටපු මනුස්සයෙක්ට එකපාරටම මේ වගේ නිරයකට වැටුණම මොනවා වෙයිද කියලා. හිරගෙදර ඇතුළේ තියෙන්නේ වෙනම නීතියක්. තමන්ගේ ජීවිතේ බේරගන්න නම්, වේඩ්ටත් සිද්ධ වෙනවා එයා කවදාවත් හිතපු නැති විදිහේ දරුණු මනුස්සයෙක් වෙන්න.

මේ හිරගෙදර මර උගුල ඇතුළේ එයාට තමන්ගේ පවුල මතක් වෙයිද? එයාට මේ අපායෙන් කවදාහරි ගැලවෙන්න ලැබෙයිද? ඒක දැනගන්න නම්, වේඩ් පෝටර්ගේ මේ කතාව බලන්නම වෙනවා. ඇඟ හිරිවැටෙන සටනක් ඒක.

ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.