Image Not Found

Final Kill (2020) Sinhala Subtitle | සිංහල උපසිරැසි

ඔන්න එහෙනම් අද ගෙනාවා Final Kill (2020) ෆිල්ම් එකේ කතාව. ඇක්ෂන් සහ ත්‍රිලර් වර්ගයට තමයි මේක වැටෙන්නේ.

පොඩ්ඩක් මුලින්ම මේකේ කාස්ට් එක ගැන කියල ඉන්නම්. මේක අධ්‍යක්ෂණය කරන්නේ Justin Lee. අපි කවුරුත් දන්න සුපිරි නළුවෝ සෙට් එකක් මේකේ ඉන්නවා. ටයිටැනික් එකේ හිටපු Billy Zane, Machete එකේ ඉන්න Danny Trejo වගේම Randy Couture සහ Ed Morrone තමයි ප්‍රධාන චරිත වලට පණ පොවන්නේ.

කතාව මෙහෙමයි, අපේ ප්‍රධාන චරිතය තමයි මිකී රෝම් (Mickey Rome). මෙයා ආරක්ෂක කටයුතු පිළිබඳ විශේෂඥයෙක් (Protection Specialist). මිනිහා දැන් මේ රස්සාවෙන් අයින් වෙලා විශ්‍රාම යන්නයි ප්ලෑන් කරන් ඉන්නේ. හැබැයි එයාගේ බොස් කියනවා “මිකී, යන්න කලින් තව එකම එක ජොබ් එකක් තියෙනවා, ඒකත් කරලම යමන්” කියලා. ඉතින් මිකී අකමැත්තෙන් වුනත් මේක බාරගන්නවා.

වැඩේ තමයි කොස්ටාරිකා වල ඉන්න ජෝඩුවක් ආරක්ෂා කරන එක. මේ දෙන්නා නිකම්ම ජෝඩුවක් නෙවෙයි, භයානක පාතාල පවුලක ලොකු මුදලක් හොරකම් කරගෙන පැනලා ආපු දෙන්නෙක්. මිකී මේ දෙන්නව ආරක්‍ෂිත නිවසක (Safe House) තියාගෙන ඉන්නකොට තමයි නියම සෙල්ලම පටන් ගන්නේ. පාතාල කල්ලි කීපයක්ම මේ ගේ වට කරනවා.

මේ අන්තිම මෙහෙයුම මිකී හිතන තරම් ලේසි වෙයිද? ඇතුලේ ඉන්න අය ඇත්තටම විශ්වාස කරන්න පුළුවන්ද? අන්තිමට සල්ලි වලට මොකද වෙන්නේ? වෙඩි බෙහෙත් සුවඳත් එක්ක කුතුහලය පිරුණු මේ ප්‍රශ්න ටික දැනගන්න නම් ෆිල්ම් එක බලන්නම වෙනවා. පරණ තාලේ ඇක්ෂන් ෆිල්ම් වලට ආස අයට මේක හොඳ තෝරාගැනීමක් වේවි.

ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.