
Finding ‘Ohana (2021) Sinhala Subtitle | සිංහල උපසිරැසි
Finding ‘Ohana – පවුලේ වටිනාකම සොයා ගිය ගමනක්
මේක Netflix හරහා ආපු හරිම ලස්සන, පවුලේ හැමෝටම එකට ඉඳන් බලන්න පුළුවන් විදිහේ චිත්‍රපටයක්. කෙටියෙන් කිව්වොත් මේක හවායි දූපත්වල සිද්ධ වෙන ත්‍රාසජනක ගමනක් ගැන කියවෙන කතාවක්.
කාස්ට් එක සහ අධ්‍යක්ෂණය ගැන පොඩ්ඩක්: මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Jude Weng විසින්. ප්‍රධාන චරිතවලට Kea Peahu (පිලි), Alex Aiono (අයෝනි), සහ Lindsay Watson වගේ අය රඟපානවා.
මොකක්ද මේ කතාව? කතාව පටන් ගන්නේ බෘක්ලින්වල ජීවත් වෙන සහෝදරයෙක් සහ සහෝදරියක් වටා. මේ දෙන්නා එයාලගේ අම්මත් එක්ක නිවාඩුවකට හවායි දූපතේ ඉන්න එයාලගේ සීයා ගාවට යනවා. මුලින් නම් මේ ගමන මේ දෙන්නට ඒ තරම් අල්ලලා යන්නේ නෑ. හැබැයි මෙතනදි පොඩි ට්විස්ට් එකක් වෙනවා.
නංගි, ඒ කියන්නේ ‘පිලි’, පරණ දිනපොතක් හොයාගන්නවා. ඒකේ තියෙන්නේ සැඟවුණු නිධානයක් ගැන විස්තරයක්! ඉතින් මේ දෙන්නා තවත් යාළුවො දෙන්නෙක් එකතු කරගෙන මේ නිධානය හොයාගෙන ලොකු කැලෑවක් මැදින් ගමනක් පටන් ගන්නවා. හැබැයි මේක නිකන්ම නිකන් ගමනක් නෙවෙයි. දිය ඇලි, අඳුරු ගුහා සහ භයානක උගුල් මැද්දෙන් තමයි යන්න තියෙන්නේ.
මේ ගමන යන අතරේ මේ අය හවායිවල තියෙන පරණ ජනප්‍රවාද සහ රහස් ගොඩක් දැනගන්නවා. ඇත්තටම නිධානය කියන්නේ රත්තරන් විතරක්ම නෙවෙයි කියලා එයාලට තේරෙන්න පටන් ගන්නවා. හවායිවල “Ohana” කියන්නේ පවුලටනේ. ඉතින් මේ ත්‍රාසජනක ගමන අවසානයේ එයාලා ඇත්තටම හොයාගන්නේ මොකක්ද? රත්තරන් නිධානයක්ද, නැත්නම් ඊට වඩා වටින දෙයක්ද?
ඒක දැනගන්න නම් මේ ෆිල්ම් එක බලන්නම වෙනවා. Indiana Jones වගේ චිත්‍රපටවලට ආස අයට මේක හොඳ අත්දැකීමක් වෙයි!
