Image Not Found

Flawless (2007) Sinhala Subtitle | සිංහල උපසිරැසි

1960 ගණන් වල ලන්ඩන් නුවර තියෙන දැවැන්ත දියමන්ති සමාගමක් තමයි, ‘ලන්ඩන් ඩයමන්ඩ් කෝපරේෂන්’ කියන්නේ. ලෝරා ක්වින් (Laura Quinn) කියන්නේ එතන ඉන්න එකම කාන්තා විධායක නිලධාරිනිය. ඒත් අවුරුදු ගාණක් වැඩ කරලත් ඇයට උසස්වීම් ලැබෙන්නේ නැහැ, හැමදාම අසාධාරණයි.
මේ අතරතුර සමාගමේම වැඩ කරන, පිටතට නොපෙනෙන කෙනෙක් ඉන්නවා. ඔහු තමයි, විශ්‍රාම යන්න ඔන්න මෙන්න තියෙන, රෑට වැඩ කරන පිරිසිදු කරන්නා – මිස්ටර් හොබ්ස් (Mr. Hobbs).

වරක් මේ හොබ්ස් මහත්තයා ඇයව මුණගැහිලා අදහසක් කියනවා. ඒක හරිම පුදුම හිතෙන දෙයක්, ඒ වගේම භයානකයි. සමාගමේ ගබඩාවෙන් දියමන්ති ටිකක් හොරකම් කරන්න ඔහුට උදව් කරන්න කියලා ලෝරාගෙන් ඉල්ලනවා. ඔහු කියන්නේ සුළු ප්‍රමාණයක් හොරකම් කළොත් කාටවත් දැනගන්න බැරිවෙයි කියලයි.

තරහෙන්, කලකිරීමෙන් වගේම රැකියාවත් නැතිවෙන බව දැන දැනම ලෝරා මේකට එකඟ වෙනවා.

හැබැයි, ඔවුන්ගේ සරල සැලසුම හිතපු තරම් සරල නැති බව ඔවුන්ට තේරෙනවා. එක රැයින්ම ගබඩාවෙන් සෑහෙන විශාල දියමන්ති ප්‍රමාණයක් අතුරුදහන් වෙනවා.

දැන් ලෝරාට තේරෙනවා, හොබ්ස් මහත්තයා ඇයට කියපු දේ නෙවෙයි, මෙතන සිද්ධ වෙලා තියෙන්නේ කියලා. ඔහුට ඊට වඩා ලොකු සැලැස්මක් තිබිලා! මේ සිද්ධිය හොයන්න රක්ෂණ විමර්ශකයෙක් එනවා, ඒ වගේම ලෝරාත්, හොබ්සුත් දැන් ඉන්නේ ඔහුගේ දැඩි නිරීක්ෂණය යටතේ!

මේ මුළු සමාගමම කැලඹූ, දියමන්ති හොරකමේ සැබෑ කුමන්ත්‍රණය මොකක්ද? මේ පිටුපස ඉන්න සැබෑ අපරාධකරුවා කවුද? ලෝරා මේකෙන් බේරෙයිද? ඔයාට බලන්න හිතෙනවා නේද?

ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.