Image Not Found

Flight of the Phoenix (2004) Sinhala Subtitle | සිංහල උපසිරැසි

මොන්ගෝලියාවේ ගෝබී කාන්තාරයේ තියෙන තෙල් කැණීම් ස්ථානයක් වහලා එන පිරිසක් රැගත් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානාවක් අසු වෙනවා දරුණු වැලි කුණාටුවකට.

අන්තිමට වෙන්නේ… යානාව කාන්තාරයේ නොදන්නා තැනක බිමට කඩා වැටෙන එක. අවාසනාවට හැමෝම නම් බේරෙන්නේ නෑ.
දැන් ඉතිං බේරුණු කට්ටියට තේරෙනවා, උදව් ඉල්ලන්න විදිහකුත් නෑ, වතුරත් ඉක්මනටම ඉවරවෙයි කියලා. හැමෝගෙම බලාපොරොත්තු බිඳිලා, එකිනෙකා අතරේ ගැටුම් ඇතිවෙන්න පටන් ගන්නවා. 😤

ඒත් එකෙක් ඉන්නවා, පොඩ්ඩක් අමුතු, එයා හිතන්නේ යානාවේ ඉතුරු වෙලා තියෙන කෑලි වලින් අලුත් යානාවක් හදන්න පුළුවන් කියලා. හැබැයි මේක පිස්සු අදහසක් කියලා නියමුවා මුලින්ම ප්‍රතික්ෂේප කරනවා.

කාලය ඉවරවෙන්න කලින්, ජීවත් වෙන්න තියෙන එකම අවස්ථාව මේක විතරයි කියලා තේරුම් අරගෙන, එයාලා මේ අභියෝගය බාර ගන්නවා. හැබැයි කාන්තාරයේ උෂ්ණත්වය, වැලි කුණාටු, නොයෙකුත් බාධක මැද මේක කරන්න ලේසි වෙයිද?

ආයිත් නැගිටින්න පුළුවන්, පුරාවෘත්තයේ එන ‘ෆීනික්ස්’ කුරුල්ලා වගේ, එයාලටත් මේ විනාශ වූ තැනින් ගොඩ එන්න පුළුවන් වෙයිද? ඒක දැනගන්න නම් චිත්‍රපටයම බලන්න වෙනවා!

ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.