Image Not Found

Flyboys (2006) Sinhala Subtitle | සිංහල උපසිරැසි

අපි කතා කරන්නේ 2006 nනිකුත් වුන, පළමු ලෝක යුද්ධය තේමා කරගත් ‘Flyboys’ චිත්‍රපටය ගැනයි.

මෙය ඇමරිකාව යුද්ධයට සම්බන්ධ වීමටත් කලින්, ප්‍රංශ ගුවන් හමුදාවට (Lafayette Escadrille) ස්වේච්ඡාවෙන් එක් වූ තරුණ ඇමරිකානුවන් පිරිසකගේ කතාවයි.

මේ අතර ඉන්නවා ටෙක්සාස්වලින් එන කව්බෝයි කෙනෙක් (බ්ලේන් රෝලිංග්ස්), ධනවත් පවුලක පුතෙක් (බ්‍රිග්ස් ලෝරි) වගේ විවිධ අරමුණු ඇතුව යුරෝපයට ඇදෙන කොල්ලෝ ටිකක්. ඔවුන්ට යුද්ධයේ ඇත්ත තත්ත්වය ගැන තේරුමක් නෑ, ඒත් හිතේ තියෙන්නේ ලොකු වීරත්වයක්.
දැන් මේ අලුත් කොල්ලන්ට පුහුණුව ලැබෙන්නේ පළපුරුදු ඇමරිකානු ගුවන් නියමුවෙක්ගෙන්. පුහුණුව අවසන් වෙන්නත් කලින්ම ඔවුන්ව සටන් බිමට යවනවා, ඒ අනතුරුදායක මෙහෙයුම්වලට.

මේ අලුත් ගුවන් නියමුවන් එතකොට සටන් කරන්නේ අර ලීවලින්, කැන්වස්වලින් හදපු පරණ ප්ලේන් වලින්. හැබැයි අහසේදී ජර්මානු ගුවන් නියමුවන් එක්ක සිදුවෙන තියුණු සටන් වලින්, මරණයෙන්, ඔවුන් ඉක්මනින්ම ජීවිතේ පාඩම් ඉගෙන ගන්නවා.

ප්‍රධාන චරිතය වෙන බ්ලේන් රෝලිංග්ස් ප්‍රංශ ගම්මානයක තරුණියක් (ලුෂියන්) එක්ක ඇති කරගන්න ආදර සම්බන්ධතාවයත්, ඒ ගැහැණු ළමයාගේ ආරක්ෂාව වෙනුවෙන් ඔහුට කරන්න වෙන දේවලුත් මේ කතාවේ වැදගත් තැන්.

අන්තිමේදී, මේ තරුණයෝ තම මිත්‍රයන්ගේ මරණ, තමන්ගේ හීන ගැන හිතන විදිහ වෙනස් කරගන්නවා. ඔවුන්ට ජර්මානු ගුවන් නියමුවන්ගේ ප්‍රබලතමයා, ‘කළු උකුස්සා’ (Black Falcon) එක්ක අවසන් මහා සටනකට මුහුණ දෙන්න වෙනවා.

දැන් ප්‍රශ්නේ මේකයි… පළමු ලෝක යුද්ධයේ දරුණුතම සටන්වලදී, තමන්ගේම රටේ සහයෝගයකුත් නැතිව, මේ ‘අහසේ කොල්ලන්ට’ තමන්ගේ ජීවිත, මිත්‍රත්වය සහ ගෞරවය රැකගන්න පුළුවන් වෙයිද?

ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.