
Frailty (2001) Sinhala Subtitle | සිංහල උපසිරැසි
කතාව පටන් ගන්නේ FBI නියෝජිතයෙක්ව හම්බවෙන්න එන ෆෙන්ටන් මීක්ස් කියන මනුස්සයෙක්ගෙන්. ඩලස් වල සිද්ධ වෙන “දෙවියන්ගේ අත” (“God’s Hand”) අනුක්‍රමික ඝාතන ගැන එයා වැදගත් දෙයක් කියන්නයි එන්නේ.
ෆෙන්ටන් කියනවා, ඒ මිනීමරුම් කළේ එයාගේ මල්ලි, ඇඩම් මීක්ස් කියලා. ඊට පස්සේ එයා අතීතය සිහිපත් කරන්න පටන් ගන්නවා, අවුරුදු ගාණකට කලින් එයාලගේ තාත්තාට ලැබුණු අමුතු “දෙවියන්ගේ පණිවිඩයක්” ගැන.
එක දවසක් තාත්තා කියනවා, එයාලට දේවදූතයෙක් ඇවිත් කිව්වලු, මිනිස් වෙස් ගත්තු යක්ෂයෝ ටිකක් මේ පොළොවේ ඉන්නවා. එයාලව විනාශ කරන්න ඕනේ කියලා.
ඒක එයාලගේ පවුලට දෙවියන් දුන්න රහස් මෙහෙයුමක්!
තාත්තාට “පූජනීය අවි” ටිකකුත් හම්බවෙනවා. ඒ අතරේ පොරොවක්, අත් මේස් දෙකක් වගේ දේවල් තියෙනවා.
ෆෙන්ටන්ට මේක බය හිතෙන විකාරයක් වගේ පෙනුනත්, පොඩි මල්ලි ඇඩම් තාත්තාව සම්පූර්ණයෙන්ම විශ්වාස කරනවා.
දැන් මේ පවුලේ සාමාජිකයෝ තුන්දෙනා මාර සෙල්ලමක් පටන් ගන්නවා. එනම්, තමන්ට යක්ෂයෝ කියලා හිතෙන මිනිස්සු ටික දඩයම් කරලා, අර පොරොවෙන් එයාලව “විනාශ” කරන එකයි.
තාත්තා කියන විදිහට, මේ යක්ෂයෝ අතින් අල්ලලා “බැලුවම” එයාලගේ පාපයන් පැහැදිලිව පෙනෙනවාලු.
ෆෙන්ටන් මේ දේවල් නවත්තන්න කොච්චර හැදුවත්, ඒක එයාට පුළුවන් වෙන්නේ නැහැ. මොකද තාත්තාගේ ඇස් වල තියෙන්නේ දැඩි, කිසිම සැකයක් නැති භක්තියක්.
ෆෙන්ටන් සහ ඇඩම්ගේ ළමා කාලය සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්නේ මේ අඳුරු මෙහෙයුම නිසා. කතාවේදී ඔබට පුළුවන් වෙනවා, ඇත්තටම මේ තාත්තා මානසික රෝගියෙක්ද, නැත්නම් එයා ඇත්තටම දේව මෙහෙයුමක් කරන කෙනෙක්ද කියලා හිතන්න.
කතාව අවසානයේදී මේ රහස හෙළිවෙන ආකාරය හරිම පුදුමාකාරයි. එතකොට දැනගන්න ලැබෙනවා, මේ කතාව ඇත්තටම කවුරුන්ගේ කතාවද කියලා.
ඉතින් බලන්න, මේක මානසිකත්‍රාසජනක චිත්‍රපටයක්, හැබැයි කිසිසේත්ම අමතක නොවන අත්දැකීමක් ඔබට ලැබෙයි!
