Image Not Found

Freedom Writers (2007) Sinhala Subtitle | සිංහල උපසිරැසි

“Freedom Writers” කියන්නේ සත්‍ය කතාවක් පාදක කරගත්තු හරිම සංවේදී චිත්‍රපටයක්.
මේකේ ප්‍රධාන චරිතය තමයි, අලුතෙන් රැකියාවට එන තරුණ ගුරුවරියක් වෙන එරින් ගෲවෙල්. එයාට උගන්වන්න ලැබෙන්නේ 1990 ගණන්වල ලොස් ඇන්ජලීස්වල, නොයෙකුත් වාර්ගික කල්ලිවලට සම්බන්ධ, හරිම අමාරු ළමයි පිරිසක් ඉන්න පන්තියක්. ඒ ළමයි එකිනෙකාට වෛර කරනවා, එරින්ට විහිළු කරනවා.

එරින් දකිනවා, මේ ළමයි හැමෝම එදිනෙදා ජීවිතයේදී වීදි සටන්, ප්‍රචණ්ඩත්වය වගේ දේවල් අත්විඳින අය කියලා. මෙයාලා හැමෝටම තියෙන්නේ බලාපොරොත්තු රහිත අනාගතයක්. ඉතින්, එරින් තීරණය කරනවා සාම්ප්‍රදායික ඉගැන්වීම් අතහැරලා, මේ ළමයින්ගේ හදවතට කතා කරන්න.

එයා ළමයින්ට දිනපොත් ලියන්න දෙනවා. ඒකේ එයාලගේ හැම දුකක්ම, කෝපයක්ම, සටනක්ම ලියන්න පුළුවන්. ඒකෙන් එයා බලාපොරොත්තු වෙන්නේ එයාලගේ අදහස්වලට ගරු කරනවා කියලා දැනෙන්න සලස්වන්නයි. මේ දිනපොත් තමයි කතාවේ හැරවුම් ලක්ෂ්‍යය වෙන්නේ.

ළමයි ටික ටික එරින් විශ්වාස කරන්න පටන් ගන්නවා. එයාලට තේරෙනවා එයාලගේ කතා වෙනත් වාර්ගික කණ්ඩායම්වල යාළුවන්ටත් පොදුයි කියලා.

මේ ගුරුවරිය, මේ ‘අමාරු’ ළමයි එක්ක එකතු වෙලා අන්තිමේදී එයාලගේ ජීවිත සම්පූර්ණයෙන්ම වෙනස් කරන්නේ කොහොමද කියන එක තමයි මේ චිත්‍රපටයෙන් පෙන්නුම් කරන්නේ. එයාලගේ පෑන් තියුණු ආයුධ වෙන හැටි දැක්කොත් පුදුම වේවි!
නියමයි නේද?

ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා අදාළ වේ

උපසිරැසි සමඟ වීඩියෝ පිටපත Zip file එකේ ඇතුළත් කර ඇත.