
Friend Request (2016) Sinhala Subtitle | සිංහල උපසිරැසි
මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ සයිමන් වර්හෝවන් (Simon Verhoeven). ප්‍රධාන චරිතයට පණ පොවන්නේ “Fear the Walking Dead” එකේ රඟපාපු ඇලිසියා ඩෙබ්නම්-කැරි (Alycia Debnam-Carey). ඊට අමතරව විලියම් මෝස්ලි සහ කොනර් පාවුලෝ වගේ නළු නිළියනුත් මෙහි දකින්න පුළුවන්.
මේකේ කතාව යන්නේ ලෝරා කියලා ජනප්‍රිය විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක් වටා. එයාට ෆේස්බුක් එකේ යාළුවෝ හුඟක් ඉන්නවා, සමාජජාලා වල එයා ගොඩක් ඇක්ටිව්. දවසක් මෙයාට අමුතු “ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට්” එකක් එනවා මෙරීනා කියලා කෙල්ලෙක්ගෙන්. මේ මෙරීනා කියන්නේ කාත් එක්කවත් වැඩිය කතා කරන්නේ නැති, පන්තියේ තනිවෙලා ඉන්න අමුතු චරිතයක්.
ලෝරා අනුකම්පාවට මේ රික්වෙස්ට් එක ඇක්සෙප්ට් කරනවා. හැබැයි ප්‍රශ්නේ පටන් ගන්නේ එතනින්. මෙරීනා, ලෝරාගේ පස්සෙන් ඩිජිටල් ලෝකය හරහා වද දෙන්න පටන් ගන්නවා. බැරිම තැන ලෝරා මෙරීනාව අන්ෆ්‍රෙන්ඩ් කරනවා. ඊටපස්සේ වෙන්නේ හිතාගන්නවත් බැරි දෙයක්. මෙරීනා සියදිවි නසා ගන්නවා.
හැබැයි මෙරීනා මැරුණට ප්‍රශ්නේ ඉවර වෙන්නේ නෑ. ලෝරාගේ ෆේස්බුක් එක ඉබේම අප්ඩේට් වෙන්න ගන්නවා. එයාගේ ළඟම යාළුවෝ එක එක්කෙනා අභිරහස් විදිහට මැරෙන්න පටන් ගන්නවා. මේ හැමදේම වෙන්නේ කොහොමද? ලෝරාට මේ ඩිජිටල් ශාපයෙන් බේරෙන්න පුළුවන් වෙයිද? අන්තිම වෙනකම් කුතුහලයෙන් බලන්න පුළුවන් සුපිරිම හොරර් ෆිල්ම් එකක්.
